Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ මාතර රාහුල විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ධර්මාශෝක විදුහලට හැකි විය.
එහිදී ධර්මාශෝක විදුහලේ ලොහාන් ද සොයිසා ලකුණු 21 කට කඩුලූ 4 ක් දවාගනිමින් සහ ලකුණු 128 ක් රැස්කරමින් දස්කම් දැක්වීය. පන්දු 128 කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 24 ක් ඇතුළත් විය.
තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි රාහුල විදුහල කඩුල්ලක් දැවී ලකුණු 56 ක් ලබා සිටියේය.
රාහුල විදුහල පළමු ඉනිම - ඕවර 40.1 කදී සියලූ දෙනා දැවී 97
(ඔවින් බෝපගේ 15, ලොහාන් ද සොයිසා 21/4, ඉෂාන් ශෙහාරා 17/2)
ධර්මාශෝක විදුහල පළමු ඉනිම - ඕවර 48.3 කදී සියලූ දෙනා දැවී 252
(ලොහාන් ද සොයිසා 128, හසිත රාජපක්ෂ 20, එස්. දිනුක 18, තෙවිරු බුද්ධිම නොදැවී 18, එන්. දිල්මිණ 17, රෂ්මින් තීක්ෂණ 38/3, පසිඳු මධුසංක 25/2, නමිත් ජයවීර 42/3)
රාහුල විදුහල දෙවැනි ඉනිම - ඕවර 8 කදී කඩුල්ලක් දැවී 56
(තරේන්ද්‍ර රාජපක්ෂ 33, නමිත් ජයවීර නොදැවී 23)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.