Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල සමත් විය.
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලට එරෙහිව අම්බලන්ගොඩදී පැවැති තරගයකදී ලකුණු 40 ක ජයක් අත්කරගනිමින් දේවපතිරාජ විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
එහිදී දේවපතිරාජ විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට පැතුම් මධුසංඛ සමත් විය.
දේවපතිරාජ විදුහල - ඕවර 32.4 කදී සියලු දෙනා දැවී 169
(පැතුම් මධුසංඛ 60, රවීන් යසස් 22, නිමේෂ් චතුරංග 21, අෂේන් කාංචක 25, චරිත් රුක්ෂාන් 28/3, දසුන් ධනංජය 30/2)
ශ්‍රී දේවානන්ද විදුහල - ඕවර 28 කදී සියලු දෙනා දැවී 129
(සසිඳු මධුසංඛ 35, කවිඳු ශොහාන් 28, සචිඳු උද්දීපන 21, රවීන් යසස් 5/2, පැතුම් මධුසංඛ 15/2, නිමේෂ් චතුරංග 32/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.