මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ තරගයකදී අප් කන්ටි‍්‍ර පාසල් ඒකාබද්ධ කණ්ඩායම පරදවා කඩුලූ 8 කින් ජය ගැනීමට හම්බන්තොට දෙබරවැව විද්‍යාලය අද (8 වැනිදා) සමත්විය. මෙම තරගය යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් අප් කන්ටි‍්‍ර පාසල් ඒකාබද්ධ කණ්ඩායම ලකුණු 49 කට දවා ගැනීමට දෙබරවැව විද්‍යාලය සමත්විය.
ලකුණු 50 ක ඉලක්කයක් හඹා ගිය දෙබරවැව විද්‍යාලය ඕවර 9.1 කදී කඩුලූ 2 ක් දැවී තම ජයග‍්‍රහණය තහවුරු කර ගැනීමට සමත්වූහ.
අප් කන්ටි‍්‍ර පාසල් ඒකාබද්ධ කණ්ඩායම - ඕවර 15.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 49
( ඕශාන් තීක්ක්‍ෂණ 17, චනුක අසිංසන 10/4, තිමිදු සචින්ත 18/3)
හම්බන්තොට දෙබරවැව විද්‍යාලය - ඕවර 9.1 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 50
(ඉෂාර චතුරංග නොදැවී 16)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.