Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු පළාත වයඹ පරදවයි

දකුණු පළාත වයඹ පරදවයි

රොෂාන් ගුණරත්න - 2015 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු පළාත් සභා රාජ්‍ය සේවා කි‍්‍රකට් කණ්ඩායම හා වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කි‍්‍රකට් කණ්ඩායම අතර සිව්වන වරට පැවති වාර්ෂික සීමිත  ඕවර තරගය කඩුළු දෙකකින් ජය ගැනීමට දකුණු පළාත් රාජ්‍ය සේවා කි‍්‍රකට් කණ්ඩායම සමත්විය.

මෙම තරගය පසුගිය 22 දා ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ දී පැවැත්විණි.


කාසියේ වාසිය දිනාගත් වයඹ පළාත් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.  ඕවර 40 කින් යුතු තරගයේ දී වයඹ පළාත් රාජ්‍ය සේවා කණ්ඩායමට  ඕවර 39.1 දී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 154ක් පමණි.


ලකුණු 155 ක ඉලක්කයක් හඹාගිය දකුණු පළාත් රාජ්‍ය සේවා කි‍්‍රකට් කණ්ඩායම  ඕවර 34.5 දී කඩුළු අටක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කරමින් ජය ලැබීය.


තරගයේ දක්ෂතම පිතිකරු ලෙස දකුණු පළාත් කණ්ඩායමේ තිලක් වත්තුහේවාත්, දක්ෂතම පන්දු යවන්නා ලෙස වයඹ කණ්ඩායමේ ආර්. මහේන්ද්‍රන් සහ දක්ෂතම පන්දු රකින්නා ලෙස දකුණු පළාත් කණ්ඩායමේ එල්.කේ. මංජුලත් තේරී පත්වූහ. තරගයේ ජය සංකේත හා සහතික පත් ප‍්‍රදානය කිරීම දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.


වයඹ පළාත් කණ්ඩායම -  ඕවර 39.1 දී සියලූ ක‍්‍රීඩකයන් දැවී ලකුණු 154
(සුමුදු අබේසිංහ 38, තරංග දිසානායක 19, නුවන් මධුශංක 24/4, දිල්ශාන් රණවක 26/2)


දකුණු පළාත් කණ්ඩායම -  ඕවර 34.5 දි කඩුළු 8ක් දැවී ලකුණු 155
(තිලක් වත්තුහේවා 41, නුවන් මධුශංක 34, ආර්.මහේන්ද්‍රන් 33/5, ඒ.එච්.එම්.ඉම්රාන් 28/5)

 


දකුණු පළාත් කණ්ඩායම් නායක නුවන් මධුශංඛ වෙත දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ෂාන් විජයලාල් ද සිල්වා අභියෝග කුසලානය පිරිනැමූ අවස්ථාව. දකුණු පළාත් ප‍්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා, දකුණු පළාත් නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් එස්.එම්.ජී.කේ.පෙරේරා සහ දකුණු පළාත් ගිණුම් හා ගෙවිම් අධ්‍යක්ෂ සී.ඩබ්.මදනායක යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.

 


අදහස් (0)

දකුණු පළාත වයඹ පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.