Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ත‍්‍රිත්ව විදුහලට ඉනිමක ජයක්

ත‍්‍රිත්ව විදුහලට ඉනිමක ජයක්

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී ගාල්ල ශා.ඇලවීසියස් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 26 ක ජයක් ලැබීමට මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය සමත්විය. මෙම තරගය මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී ඊයේ (14 වැනිදා) අවසන්විය.


කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ශා. ඇලවීසියස් විද්‍යාලය පළමු ඉනිමට සියලූ දෙනා දැවී ලබා ගතහැකිවූයේ ලකුණු 167 ක් පමණි. රවිඳු සංජන අර්ධ ශතකයක් (66) ලබා ගැනීමට සමත්විය.


ත‍්‍රිත්ව විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලූ 8 ක් දැවී ලකුණු 284 ක් ලබා ඉනිම අත්හිටවූයේය. ෂන්මුගනාදන් සනෝගීත් ශතකයක් (104) ලබා පිත්තෙන් දස්කම් දැක්වූ අතර සජිත් සංකල්ප ලකුණු 105 කට කඩුලූ 6 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ලකුණු 87 ක් පිටුපසින් සිටි ශා.ඇලවීසියස් විද්‍යාලය ඉනිමක පරාජයෙන් බේරීම සදහා පිටියට පිවිසි අතර ඔවුන්ට සිය දෙවන ඉනිමට ලබා ගතහැක්වූයේ ලකුණු 61 ක් පමණී. රවීන් සේයර් (27/4), ළහිරු කුමාර (26/3) සහ දුවිඳු තිලකරත්න (06/2) දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් පිටිය පුරා තම අණසක පතුරවන්නට සමත්වූහ.

 

ශා.ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම -  ඕවර 55.5 කදී සියලූ දෙනා දැවී  167
(රවිඳු සංජන 66, බුද්ධිල වීරසිංහ 29, දුවිඳු තිලකරත්න 23/3, ළහිරු කුමාර 30/3, රවීන් සේයර් 58/2)


මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම -  ඕවර 49.1 කදී කඩුලූ 8 ක් දැවී 254
(ෂන්මුගනාදන් සනෝගීත් 104, ඩිලාන් ජයලත් 47, හසිත බෝයගොඩ 33, සජිත් සංකල්ප 105/6)


ශා.ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉනිම -  ඕවර 24.1 කදී සියලූ දෙනා දැවී  61
(අශේන් බංඩාර 17, රවීන් සේයර් 27/4, ළහිරු කුමාර 26/3, දුවිඳු තිලකරත්න 06/2)

 


අදහස් (0)

ත‍්‍රිත්ව විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.