පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සඳහා නම්කරන ලද සංචිතයෙන් දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න ඉවත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතා පවසා ඇත්තේ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ඔවුන් දෙදෙනාම විවේක ගැන්වු බවකි.
අපූරු උත්තරයකි. ටෙස්ට් තරගාවලියත් එක්දින තරගාවලියත් දෙකම පරාජය වී තිබෙන අවස්ථාවක, ශී‍්‍ර ලංකාවේ ගෞරවය රැකගැනීමට ඉතිරිවී තිබෙන එකම තරගාවලිය වන විස්සයි:20 තරගාවලියේ ජයත් අවදානමට ලක්කරමින්, එක්දින තරගාවලියේ ලකුණු ලබාගත් පිතිකරුවන් දෙදෙනාම විස්සයි:20 සංචිතයෙන් ඉවත් කර තිබේ.
චන්දිමාල් සංචිතයෙන් ඉවත් කරමින් චාමර කපුගෙදර සංචිතයට ඇතුළත් කර තිබේ. මොනවා කළාටද ? මේවා කි‍්‍රකට්ද? නැතිනම් තමන් සිංහයා යැයි සිතාගෙන සිටින්නාගේ පුහු ගර්ජනාවට තේරීම් කමිටුවත් බයවෙලාද?
”මගේ කණ්ඩායමට නම් එයා එපා” යයි දින කිහිපයකට ඉහතදී තේරීම් කමිටුවටත් උපදෙස් දෙමින් සිටි බව කියන ලසිත් මාලිංග ”ඔයා අන්තිම තරග වලදී විවේක ගන්න” යයි චන්දිමාල්ට කියමින් සිටි බවත් දැනගන්නට තිබේ.
කවුරුන් කාට කුමක් කීවත් දිනේෂ් චන්දිමාල් යනු කවරෙක්ද යන්න තේරීම් කමිටු සභාපතිවරයාට අමතක වී ඇති සෙයකි.
දිනේෂ් චන්දිමාල් යනු ශී‍්‍ර ලංකාව වි:20 ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමේ නිල නායකයාය. තමන් ලකුණු අතර නොසිටි මොහොතක, අනභිබවනීය කැපකිරීමක් කරමින් නායකත්වය ලසිත් මාලිංගට පවරා කණ්ඩායම වෙනුවෙන් අත්පොළසන් දුන් කී‍්‍රඩකයාය. එහෙත් කණ්ඩායමේ නිල නායකයා වූ හෙයින් විස්සයි:20 ලෝක කුසලානය ඔසවාගෙන ආ යුතු කී‍්‍රඩකයාය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම 1979 දී කැනඩාව පරාජය කරමින් අයි. සී. සී. කුසලාන දිනාගත් අවස්ථාවේදී අවසන් තරගය ජයගත් කණ්ඩායම මෙහෙයවූයේ බන්දුල වර්ණපුර වුවද කුසලානය ලබාගත්තේ කණ්ඩායමේ නිත්‍ය නායකයා වූ අනුර තෙන්නකෝන්ය. එදා කි‍්‍රකට් කී‍්‍රඩකයන් අතර එවන් මහත්මා ගතිගුණ තිබිණ.
ළහිරු තිරිමාන්න යනු 2014 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී අතිශය තීරණාත්මක ලකුණු 44 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා පිල අවසන් මහ තරගයට ගෙන ඒමට පාර කැපූ කී‍්‍රඩකයාය.
මෙම කී‍්‍රඩකයන් දෙදෙනාම විස්සයි:20 තරග වලදී තම තමන්ගේ සමත්කම් පෙන්වූ කී‍්‍රඩකයෝ වෙති. සෑම පුවත් පත් සාකච්ඡුාවකදීම ටෙස්ට් සහ එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම පුහුණුකරු මාවන් අතපත්තුත් කියන්නේ කණ්ඩායම ගොඩනැගිය යුතු බවයි. කණ්ඩායමේ සිටිය යුතු කී‍්‍රඩකයන් කවුරුන්ද යන්න තමන් හඳුනාගෙන සිටින බැවින් ඔවුන් සමග ඉදිරියට යා යුතු බවයි.
ළහිරු තිරිමාන්නගේ පන්දුවට පහර දීමේ රටාව විස්සයි:20 තරග වලට ආදේශ කිරීම පිළිබඳ මතවාද තිබුණත් අවශ්‍යම අවස්ථාවේදී, දෙදෙනාම ලකුණු අතර සිටියදී, වි:20 තරගාවලියෙන් ඉවත් කර තිබේ.
ඒ ගැන ලිවීමට තව බොහෝ දේ තිබුණත් විස්සයි:20 තරගාවලිය නිමා වන තුරු ඉවසා සිටිය යුතුව තිබේ.
විස්සයි:20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ශී‍්‍ර ලංකාව තවමත් අංක 1 (ප‍්‍රසාද ලකුණු 135) තවමත් හිමිකරගෙන සිටින අතර පාකිස්තානයට ඇත්තේ පස්වැනි ස්ථානයයි (ප‍්‍ර. ල. 114). දැනට එපමණක් ලියා තබමි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.