Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී ගල්කිස්ස ශා.තෝමස් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (24 වැනිදා) තර්ස්ටන් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී අවසන්විය.

මුලින්ම පන්දුවට පහරදුන් ශා.තෝමස් විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 229 ක් රැස් කළ අතර සචිත ජයතිලක  අර්ධ ශතකයක් (89) ලබා ගත්තේය.

දිනය නිමාවනවිට තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිමට කඩුලූ 4 ක් දැවී ලකුණු 243 ක් ලබා ගනිමින් ශා.තෝමස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සමත්විය. චරන නානායක්කාර (නොදැවී 69) සහ සජිත් ගුණතිලක (54) අර්ධ ශතක ලබා ගැනිමට සමත්වූහ.


ශා.තෝමස් විද්‍යාලය පළමු ඉනිම -  ඕවර 67.4 කදී සියලූ දෙනා දැවී 229
(සචිත ජයතිලක 89, රයිඳු සසංක 31, නවෝද් සමරකෝන් 21/3, අයේෂ් වීරරත්න 25/2)

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම -  ඕවර 71.3 කදී කඩුලූ 4 ක් දැවී 243
(චරන නානායක්කාර නොදැවී 69, සජිත් ගුණතිලක 54, සචිත ජයතිලක 48/2)


අදහස් (0)

තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.