Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී අද ආරම්භ වූ තර්ස්ටන් - ඉසිපතන දෙවිදුහල් අතර 54 සහෝදරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි තර්ස්ටන් විදුහල් පිල කඩුලු 3ක් දැවී ලකුණු 78ක් ලබා සිටියේය. පළමුව පන්දුවට පහරදුන් ඉසිපතන විදුහල් පිල පස්වරු තේ පානයට ඔන්න මෙන්න කියා තිබියදී ලකුණු 228කට දැවී ගිය අතර මේ වනවිට තර්ස්ටන් පිල තවත් ලකුණු 150ක් පසුපසින් සිටින්නේ කඩුලු 7ක් ද අතැතිවය.
නියමිත කාලයට වඩා වේලාසනින් තරගය නිමා කිරීමට විනිසුරුවන් තීරණය කරනු ලැබුවේ ආලෝක තත්ත්වය තරමක් අඩුවීම නිසාය. ඒ වනවිට පැතුම් නිශ්ශංක ලකුණු 17ක් ද, නායක සංජුල අබේවික්‍රම ලකුණු 4ක් ද රැස් කරමින් නොදැවි කඩුල්ලේ රැඳී සිටියහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දිමේ අවස්ථාව සිය ප්‍රතිවාදීන් වෙත පිරිනැමූ ඉසිපතන විදුහල් පිල උදෑසන කාලයේ පිතිකරුවන් ප්‍රබල තර්ජනයක් ගෙන දීමට සමත් වූ අතර දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සම්පූර්ණ ගෞරවය දිනාගැනීමට සමත්වූයේ ලකුණු 114කට තර්ස්ටන් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් 5 දෙනකුම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවමිනි. කෙසේ වෙතත් දිවා ආහාරයට පසුව තර්ස්ටන් ඉනිම පිළිසකර කළ අගපෙළ පිතිකරුවන් ලකුණු 200 සීමාවෙන් ඔබ්බට සිය කණ්ඩායම රැගෙන යාම කැපී පෙනුණි.
දහවල් කාලයේ සිට පිතිකරුවන්ට වාසිදායක ලෙස හැසිරෙන්නට පටන් ගත් එස්.එස්.සී. තණතීරුවේ ප්‍රබල පිතිකරු චරන නානායක්කාරගේ අර්ධ ශතකය මතින් ඉනිම ගොඩ නැගූ තර්ස්ටන් විදුහල් පිල පස්වරු තේ පානයට මොහොතකට පෙර සියලු දෙනා දැවී ලකුණු 228ක් ලබා ගත්තේය. ඒ සමගම තේ පානය සඳහා තරගය නතර කිරිමට විනිසුරුවරුන් තීරණය කළහ. තර්ස්ටන් ඉනිමේ 6 වැනි කඩුල්ලට ලකුණු 98ක සම්බන්ධතාවක් ගොඩනැගීමට චරන නානායක්කාර සහ නවෝද් සමරකෝන් සමත්වීම කැපී පෙනුණි.
බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මේ තරගයේ දී තර්ස්ටන් පිලේ පිතිකරුවන්ට දැඩි හිසරදයක් ගෙන දුන් ඉසිපතන විදුහල් පිලේ ප්‍රබලතම පන්දු යවන්නකු වන නෙරන්ජන් වන්නිආරච්චිගේ කඩුලු 3ක් දවාලීමට සමත් වූ අතර ළහිරු ඩිල්ෂාන් ද කඩුලු 3ක් බිඳ දැමුවේය.
තර්ස්ටන් විදුහල - පළමු ඉනිම 228යි.
(කසුන් අබේරත්න 43, චරන නානායක්කාර 58, නවෝද් සමරකෝන් 34, නිමේෂ් ලක්ෂාන් 33, නිපුන් ලක්ෂාන් 26, නෙරන්ජන් වන්නිආරච්චි 56/3, ළහිරු ඩිල්ෂාන් 47/3)
ඉසිපතන විදුහල - පළමු ඉනිම - 78/3යි.
(හර්ෂ රත්නායක 16, කළණ පෙරේරා 20, හේෂාන් ප්‍රනාන්දු 10, පැතුම් නිශ්ශංක නොදැවී 17, චරන නානායක්කාර 28/1, නවීන් ගුණවර්ධන 13/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.