Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරිඳු දිනේෂ්ගෙන් ලකුණු 287 ක්

තරිඳු දිනේෂ්ගෙන් ලකුණු 287 ක්

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොට්ටාව ආනන්ද විදුහලට එරෙහිව පැවැති වයස 17 න් පහළ අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයකදී නොදැවී ලකුණු 287 ක් රැස්කිරීමට දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලේ තරිඳු දිනේෂ් සමත් විය.  

තරිඳුගේ ප්‍රවේගකාරී පිතිහරඹය නිසා දෙහිවලදී පැවැති එම තරගයෙන් ලකුණු 357 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට එස්. ද එස්. ජයසිංහ විදුහලට හැකි විය.

පන්දු 158 කදී වාර්තා වූ මෙම වමත් ආරම්භක පිතිකරුවාගේ ද්විත්ව ශතකට හයේ පහර 20 ක් සහ හතරේ පහර 30 ක් ඇතුළත් විය.


එස්. ද එස්. ජයසිංහ විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 490  
(තරිඳු දිනේෂ් නොදැවී 287, මධුක නිරෝෂන් 58, තිලංක දිල්හාර 46, සිනෙත් තිෂාන් 51/3)

ආනන්ද විදුහල - ඕවර 25.4 කදී සියලු දෙනා දැවී 133
(සුලංක්ඛන රුහිත 32, දිල්ෂාන් කාවින්ද 15/3, විමුක්ති සංදීප 27/3)

 


අදහස් (0)

තරිඳු දිනේෂ්ගෙන් ලකුණු 287 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.