Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තමිඳුගේ ඉනිමෙන් රිච්මන්ඞ් අවසන් තරගයට
අන්තර් පාසල් ‘1‘ වැනි ශ්‍රේණියේ’ ක්‍රිකට්

තමිඳුගේ ඉනිමෙන් රිච්මන්ඞ් අවසන් තරගයට

editorial - 2024 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර් පාසල් I වැනි ශ්‍රේණියේ ‘ඒ’ කොටසේ අවසන් පූර්ව තරගයේදී තමිඳු ප්‍රදීප්ත (191) කළ විශිෂ්ට පිතිහරඹය නිසා මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල මුල් ඉනිමේදී පරාජය කරමින්, රිච්මන්ඞ් ක්‍රීඩකයෝ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. අවසන් පූර්ව තරගය කොළඹ ඒස්. කැපිටල් ක්‍රීඩාංගණයේදී පසුගිය 1 සහ 2 දිනවල පැවැත්විණ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් රිච්මන්ඞ් විදුහල වෙනුවෙන් පිටියට පිවිසි අංක 3 පිතිකරු තමිඳු ප්‍රදීප්ත, පන්දු 223 කට මුහුණ දෙමින් හතරේ පහර 14 ක් සහ හයේ පහර 6 ක් තම ඉනිමට ඇතුළත් කළේය. ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් විමත් දින්සර (63) අර්ධ ශතකයක් ලබාගත් නමුත් තමිඳුගේ දැවැන්ත ඉනිම හේතුවෙන් රිච්මන්ඞ් පිල අභිබවා යාමට සෙබස්තියානුවන්ට නොහැකි විය. 

මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ මහානාම විදුහල් අතර තරගයේ ජයග්‍රාහකයා සහ රිච්මන්ඞ් විදුහල අතර අවසන් මහ තරගය පැවැත්වෙයි. තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 8,9 සහ 10 දිනවල කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් තරගාවලිය සංවිධානය කරනු ලබයි. 


රිච්මන්ඞ් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 87.4 කදී කඩුලු 9 ට 330 යි
(තමිඳු ප්‍රදීප්ත 191, කවීෂ ඉඳුරුව 28, ෂෙහාන් ද සොයිසා 27, මල්ෂ තරුපති 26, නදීෂ ප්‍රනාන්දු 59/4, මනුජ චන්තුක 9/3)

ශාන්ත සෙබස්තියන් විදුහල - පළමු ඉනිම ඕවර 82.1 කදී සියලු දෙනා දැවී 240 යි
(විමත් දින්සර 63, නදීෂ ප්‍රනාන්දු 32, අදීෂ අල්මේදා 30, නවෝද් ප්‍රනාන්දු 27, උෂේන් සිල්වා 24, යූරි කොත්තිගොඩ 26/3, කවීෂ ඉඳුරුව 55/2, ෂැරන් අභිෂේක් 58/2)


අදහස් (0)

තමිඳුගේ ඉනිමෙන් රිච්මන්ඞ් අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.