මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ තරගයකදී කුරුණෑගල මලියදේව විද්‍යාලය සුපර් ඕවරයේදී පැරදවීමට ඩි.එස්. සේනානයක විද්‍යාලය අද (8 වැනිදා) සමත්විය. මෙම තරගය යාපනය ශා. පැටි‍්‍රක් වීද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විය.
මුලින් පන්දුවට පහරදුන් ඩි.එස්. සේනානයක විද්‍යාලය ලකුණු 147 ක් රැුස් කරගත් අතර පිළිතුරු ඉනිම ඇරඹූ කුරුණෑගල මලියදේව විද්‍යාලය ඕවර 19.5 කදී ලකුණු 147 කට සියලූ දෙනා දැවී හෙයින් ලකුණු සමවිය.
සුපර් ඕවරයේදී මුලින්ම පන්දුවට පහරදුන් මලියදේව විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 17 ක් රැුස්කිරීමට සමත්විය. එහිදී නමිදු සෝමරත්න ලකුණු 15 ක් ලබා ගත්තේය.
ලකුණු 18 ක ඉලක්කයක් හඹාගිය ඩි.එස්. සේනානයක විද්‍යාලීය පිත්කරුවන් කඩුල්ලක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්වූහ.
ඩි.එස්. සේනානයක විද්‍යාලය - ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 147
(තිමිල විද්‍යාසේකර 61, ගීතාංජන ඩැනියල් 26, විශ්ව දිසානායක 28/4)
කුරුණෑගල මලියදේව විද්‍යාලය - ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 147
(විශ්ව දිසානායක 36, නමිදු සෝමරත්න 20, ටොරින් පිටිගල 21/2, යුරෙෂ්ක ද සිල්වා 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.