Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩී. එස්. සේනානායකට කඩුලු 7 ක් ජයක්

ඩී. එස්. සේනානායකට කඩුලු 7 ක් ජයක්

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ඩී. එස්. සේනානායක විදුහල සමත් විය.

රත්ගම දේවපතිරාජ විදුහලට එරෙහිව බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කරගනිමින් ඩී. එස්. සේනානායක විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ඩී. එස්. සේනානායක විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට විහන් ගුණසේකර (නොදැවී 54) සමත් වූ අතර නොදැවී 51 ක් රැස්කරමින් සහ ලකුණු 6 කට කඩුලු 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීමට මුදිත ලක්ෂාන් සමත් විය.


දේවපතිරාජ විදුහල - ඕවර 40 කදී සියලු දෙනා දැවී 140
(තිසර දිල්ෂාන් 29, රවීන් යසස් 29, සසිඳු සත්සර 24, අවිෂ්ක චේනුක 24, මුදිත ලක්ෂාන් 6/3, යසිත් සමරදිවාකර 18/3, පසිඳු ආදිත්‍ය 36/2)

ඩී. එස්. සේනානායක විදුහල - ඕවර 39 කදී කඩුලු 3 ක් දැවී 150
(විහන් ගුණසේකර නොදැවී 54, මුදිත ලක්ෂාන් නොදැවී 51, චාමිකර ජයශාන් 24, මලිත් මධුසංක 32/2)

 


අදහස් (0)

ඩී. එස්. සේනානායකට කඩුලු 7 ක් ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.