Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩිලාන්ගෙන් වේගවත් ශතකයක්

ඩිලාන්ගෙන් වේගවත් ශතකයක්

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කුරුණෑගල මලියදේව විදුහලට එරෙහිව ශතකයක් ලබා ගැනීමට ත‍්‍රිත්ව විදුහලේ ඩිලාන් ජයලත් සමත්විය. තරගය මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) ආරම්භවිය.


වේගවත් පිතිහරඹයක නිරතවූ මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලීය පිතිකරුවෝ  ඕවර 55.3 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 321 ලබා ඉනිම අත්හිටවූහ.


ඩිලාන් ජයලත් පන්දු 99 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 106 ක් ලබාගත් අතර ෂන්මුගනාදන් සනෝගීත් (67) සහ සවිදු අමරසිංහ (54) අර්ධ ශතක ලබා ගනිමින් මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය ඉහල ලකුණු මට්ටමකට රැුගෙන යාමට සමත්වූහ.


තම පළමු ඉනිම ඇරඹු මලියදේව ක‍්‍රිඩකයෝ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට කිසිවකු නොදැවී   ඕවර 5 කදී ලකුණු 17 ක් ලබා සිටියහ.

 

මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම -  ඕවර 55.3 කදී කඩුලූ 4 ක් දැවී 321
(ඩිලාන් ජයලත් නොදැවී 106, එස්.සනෝගීත් 67, සවිදු අමරසිංහ 54, රවීන් සේයර් 40, සංජීවන් ප‍්‍රියදර්ශන 60/3)

 

කුරුණෑගල මලියදේව විද්‍යාලය පළමු ඉනිම -  ඕවර 5 කදී කිසිවකු නොදැවී  17
 

 


අදහස් (0)

ඩිලාන්ගෙන් වේගවත් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.