අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිල සමත් විය.
කොළඹ වෙළෙද සේවා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (25) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 18 කින් ගාල්ල රිච්මන්ඞ් විදුහල පරාජය කිරීමට සමත් වූහ.
සාන්ත තෝමස් විදුහල වසර 30 කට පසුව වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම කැපී පෙනේ. සාන්ත තෝමස් විදුහල අවසන් වරට 1984 වසරේ සුනිල් අබේනායකගේ නායකත්වයෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටියේය.
ජයග‍්‍රහණයට ලකුණු 281 ක ඉලක්කය හඹාගිය රිච්මන්ඞ් විදුහල් පිලට ඕවර 50 යේදී කඩුලූ 8 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 262 ක් පමණි.
සිතාර හපුහින්න පන්දු 78 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 100 ක් රැස්කරමින් සාන්ත තෝමස් විදුහල් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.
තරගාවලියේ අවසන් මහ තරගය මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර වෙළෙඳ සේවා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී මේ මස 29 වැනිදා පැවැත්වීමට නියමිතය.
| ලකුණු පුවරුව | |
| සාන්ත තෝමස් විදුහල | |
| මොහොමඞ් ඉෂාක් - ඇ. ආදිත්‍ය ප. සඳුන් | 22 |
| සිතාර හපුහින්න - ඇ. භවන්ත ප. සුගීත් | 100 |
| යොහාන් පෙරේරා - ක. මූ. කළා ප. සුගීත් | 35 |
| ඩිලොන් පීරිස්- ඇ. විමුත් ප. රවිෂ්ක | 36 |
| සිමාල් සමරවික‍්‍රම -දුවද්දී දැවී ගියා | 18 |
| තෙවින් ඊරියගම -ඇ. සඳුන් ප. සුගීත් | 6 |
| යෙහෙන් ඩයස් - ස්ටම්ප් විමුත් ප. විෂ්මිත | 10 |
| දිනෙත් කන්නංගර - ඇ. සහ ප. විෂ්මිත | 4 |
| ෂෙනුක් පෙරේරා-දුවද්දී දැවී ගියා | 1 |
| භාග්‍ය දිසානායක - ඇ. විෂ්මිත ප. ආකාෂ් | 2 |
| භානුක වන්නිආරච්චි - නොදැවී | 1 |
| අතිරේක | 45 |
| එකතුව ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී | 280 |
| කඩුලූ වැටීම: |
| 1-131(ඉෂාක්), 2-164(හමුහින්න), 3-203(යොහාන්), 4-252(සිමාල්), 5-259(ඩිලොන්), 6-263(ඊරියගම), 7-272(යෙහෙන්), 8-276(කන්නංගර), 9-277(ෂෙනුක්), 10-280(භාග්‍ය) |
| පන්දු යැවීම: |
| ආදිත්‍ය සිරිවර්ධන: 5-0-19-0, විනුජ කිරිල්ල: 2-0-33-0, ආකාෂ් කාවින්ද: 6.3-0-44-1, විෂ්මිත විජේසිරි: 5-0-24-2, කවිෂ්ක විජේසිරි: 10-0-56-1, ස`දුන් මෙන්ඩිස්: 7-1-26-1, තවීෂ අභිෂේක්: 4-0-25-0, සුගීත් නිම්නද: 10-0-44-3 |
| රිච්මන්ඞ් විදුහල | |
| විෂ්මිත විජේසිරි - ඇ. සිතාර ප. තෙවින් | 9 |
| රවිෂ්ක විජේසිරි - ඇ. ඩෙලොන් ප. යොහාන් | 67 |
| තවීෂ අභිෂේක් - ක. මූ. කළා ප. ඩෙලොන් | 6 |
| විනුජ කිරිල්ල - ඇ. සහ ප. සිමාල් | 37 |
| ස`දුන් මෙන්ඩිස් - දුවද්දී දැවී ගියා | 26 |
| අදිත්‍ය සිරිවර්ධන - ඇ. සිමාල් ප. තෙවින් | 50 |
| භවන්ත කලිඳු - ප. සිමාල් | 14 |
| ආකාෂ් කාවින්ද - නොදැවී | 22 |
| විමුත් සප්නක - ප. තෙවින් | 11 |
| මිනි`දු ගුණවර්ධන - නොදැවී | 2 |
| අතිරේක | 18 |
| එකතුව ඕවර 50 යේදී කඩුලූ 8 ක් දැවී | 262 |
| පන්දුවට පහර නොදුන් පිතිකරු: | |
| සුගීත් නිමිනද | |
| කඩුලූ වැටීම: |
|
1-38(විෂ්මිත), 2-55(තවීෂ), 3-120(රවිෂ්ක), 4-156(සඳුන්), 5-174(විනුජ), 6-201(භවන්ත), 7-233(ආදිත්‍ය), 8-250(විමුත්) |
| පන්දු යැවීම: |
| තෙවින් ඊරියගම: 9-0-26-3, යොහාන් පෙරේරා: 10-0-77-1, ෂෙනුක් පෙරේරා: 6-0-40-0, ඩෙලොන් පීරිස්: 7-0-34-1, භානුක වන්නිආරච්චි: 9-1-30-0, සිමාල් සමරවික‍්‍රම: 6-2-35-2, දිනෙත් කන්නංගර: 3-0-18-0 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.