Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කැළණි හටන ජය පැරදුමෙන් තොරයි
2023 මහ ක්‍රිකට් තරග

කැළණි හටන ජය පැරදුමෙන් තොරයි

editorial - 2023 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති 33 වැනි කැළණි හටන හෙවත් ගුරුකුල - ධර්මාලෝක මහ ක්‍රිකට් තරගය අද (15 වැනිදා) සවස ජය පරාජයෙන් තොරව අවසන් විය.

ලකුණු 219 ක ඉලක්කයක් කරා ගිය ධර්මාලෝක විද්‍යාලය වෙනුවෙන් ධෛර්යවත් පිතිහරඹයක නිරත වූ නිර්මාල් වික්‍රමසිංහ (48) පන්දු 146 ක් පුරා පිටියේ රැඳෙමින් ගෞරවනීය අවසානයක් කරා තම විදුහල් කණ්ඩායම කැඳවාගෙන ගියේය. නිර්මාල්ගේ දැවී යාමෙන් පන්දුවකට පසුව, දෙපිලේ නායකයන්ගේ එකඟතාව මත, තරගය අතහැර දමන ලදි.

ගුරුකුල විද්‍යාලය පළමු දිනයේදී කඩුලු 1 ක් දැවී ලකුණු 145 ක් ලබා සිටියද ධර්මාලෝකයේ වමත් දකුණත් දඟ පන්දු සුසංයෝගය වන හෙලංක විදුරංග සහ සතිඳු නදීෂාන් හමුවේ ඉදිරිගමන පහසු නොවීය. මේ දෙදෙනා එක්ව තරගයේ ඉනිම දෙකේදීම කඩුලු 13 ක් බෙදාහදා ගත්හ. එවන් අභියෝගයක් හමුවේ වූවත්, ඉනිම දෙකේදීම පිතිහරඹයෙන් කැපී පෙනුණ ගුරුකුල විදුහල වෙනුවෙන් පූර්ණ කල්හාර (80 සහ 39), සහ දෙනුර දෙමන්සිත් (නොදැවී 50) වැඩිපුර ලකුණු ලබාගත්හ.

දෙවැනි ඉනිමේදී වේගවත් පිතිහරඹයක යෙදෙමින් ඕවර 31 කදී ලකුණු 160 ක් ලබාගත් ගුරුකුල පිතිකරුවෝ ධර්මාලෝකයට ලකුණු 219 ක අභියෝගයක් එල්ල කළ නමුත් අද පස්වරුවේදී ඉතිරිව තිබූ පැය 3 ක් වැනි කාලය ඇතුළත ධර්මාලෝක පිතිකරුවන් සියලු දෙනාම දවාගැනීම කළ නොහැකි විය.


ගුරුකුල විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 9 ට 200 යි
(පූර්ණ කල්හාර 80, මොහොමඩ් මුර්ෂාඩ් 48, ජනිත ෂෙහාන් 26, කවිඳු උදයංග 17/, හෙලංක විදුරංග 34/3, සතිදු නදීෂාන් 44/4)

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය - පළමු ඉනිම 142 යි
(හෙලංක විදුරංග 24, නිර්මාල් වික්‍රමසිංහ 24, තෙමිර මිකාශන 35, කවිඳු උදයංග 10, ෂතිඳු නදීෂාන් 14, තරූෂ කොඩිකාර 25/2, නාරද කාංචන 44/4)

ගුරුකුල විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 7 ට 160 යි
(පූර්ණ කල්හාර 39, මොහොමඩ් මුර්ෂාඩ් 18, ජනිත ෂෙහාන් 19, තත්සර එෂාන් 13, දෙනුර දෙමන්සිත් නොදැවී 50, දිදුල එෂාන් 10, හෙලංක විදුරංග 58/4, සතිඳු නදීෂාන් 46/2)

ශ්‍රී ධර්මාලෝක - දෙවැනි ඉනිම කඩුලු 5 ට 117 යි
(නිර්මාල් වික්‍රමසිංහ 48,  කවිඳු උදයංග 23, නාරද කාංචන 25/2)


අදහස් (0)

කැළණි හටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.