Last Update  :  2024-04-28 19:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කන්දඋඩරට සුලෝහිත සංග්‍රාමය 22-23 පල්ලේකැලේදී

කන්දඋඩරට සුලෝහිත සංග්‍රාමය 22-23 පල්ලේකැලේදී

editorial - 2024 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය නම් විරුදාවලියලත් ටි.බි. තෙන්නකෝන් කුසලාන මහනුවර ධර්මරාජ විදුහල සහ කිංස්වුඩ් විදුහල අතර 117 වැනි මහා ක්‍රිකට් තරගය මේ මස 22-23 යන දිනවලදී පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙරට දෙවැනි පැරණිතම මහා ක්‍රිකට් තරගය වශයෙන් සැලකෙන මෙම මහා ක්‍රිකට් තරග වංශකථාවේ මෙතෙක් පැවැති තරග 116 අතරින් තරග 35 ක ජය ධර්මරාජ විදුහල විසින්ද තරග 19 ක ජය කිංස්වුඩ් විදුහල විසින්ද වාර්තා කර ඇති අතර තරග 62ක් ජය පැරදුමෙන් තොරව නිමාවී තිබේ.

ධර්මරාජ විදුහල අවසන් වරට මහා ක්‍රිකට් තරගයක ජය වාර්තාකර ඇත්තේ තරූෂ වේරගොඩගේ නායකත්වයෙන් යුතුව 2015 වසරේදීය. කිංස්වුඩ් විදුහල අවසන් වරට මහා ක්‍රිකට් තරග ජයක් වාර්තාකර ඇත්තේ 1958 වසරේදී මොරිස් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතුවය.

මෙම මහා තරග වංශකතාවේ වැඩිම ලකුණු ලාභියා වන්නේ 1983 වසරේදී ලකුණු 200 ක් වාර්තා කළ ධර්මරාජ විදුහලේ සේනක දිසානායකයි. කිංස්වුඩ් විදුහලේ වැඩිම ලකුණු ලාභියා වන්නේ 1959 වසරේදී ලකුණු 167 ක් වාර්තා කළ ක්ලිෆර්ඩ් රත්නවිභූෂණයි.

මෙම මහා ක්‍රිකට් තරගය 1893 වසරේදී ආරම්භ වී ඇති අතර එහිදී දෙවිදුහලේ ගුරුවරුන්ද සහභාගි වී ඇති අතර එහි මුල් තරගයේ ධර්මරාජ නායකයා ලෙස එවකට ධර්මරාජ විදුහලේ සිටි විදුහල්පති ශ්‍රීමත් බාරොන් ජයතිලක මහතා කටයුතු කර ඇති අතර කිංස්වුඩ් විදුහල්පිලේ නායකත්වය දරා ඇත්තේ එවකට එම විදුහලේ සිටි විදුහල්පති ධුරය දැරූ ඒ. ඊ. ස්පෙන්සර් මහතාය. එම තරගය බෝගම්බර ක්‍රීඩා පිටියේදී පවත්වා තිබේ.

දෙවිදුහලේ පාසල් ක්‍රීඩකයන්ගෙන් පමණක් සමන්විත මහා ක්‍රිකට් තරඟයක් පවත්වා ඇත්තේ 1899 වසරේදීය . එම වසරේදී ධර්මරාජ නායකත්වය ජෙසී ද මෙල් විසින් දරා ඇති අතර කිංස්වුඞ් නායකත්වය ටී.බී. මාෂල් විසින් දරා තිබේ . ආරම්භයේදී මහා ක්‍රිකට් තරඟය බෝගම්බර ක්‍රීඩා පිටියේදී පැවැත්වුණද පසුව අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පවත්වා ඇති අතර 80 දශකයේ ආරම්භයේදී අස්ගිරිය ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් බවට නවීකරණය කිරීමෙන් පසු මහා ක්‍රිකට් තරඟය එහි පවත්වා ඇත්තේ තණතිල්ලක පැවැත්වෙන පළමු මහා ක්‍රිකට් තරඟය වශයෙනි . පසුව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ඉදීවීමෙන් පසු 2011 වසරේ සිට තරඟය එහි පැවැත්වේ .

දුලාර බන්දුලසේන ගේ නායකත්වයෙන් යුතු ධර්මරාජ විදුහල් පිල මේ තරග වාරයේ තරඟ 13 කට මුහුණ දී ඉන් තරග 7 ක පූර්ණ ජයවර්තාකර තරග 2 ක් පරාජය වී ඉතිරි තරග ජය පැරදුමෙන් තොරව නිමා කොට තිබේ.

නේනුක දිසානායකගේ නායකත්වයෙන් යුතු කිංස්වුඩ් විදුහල් පිල මේ තරග වාරයේ තරග 9 කට මුහුණ දී තරග 3 ක පූර්ණ ජය වාර්තාකර තරග 3 ක් පරාජය වී ඉතිරි තරග ජය පැරදුමෙන් තොරව නිමා කර තිබේ.

ධර්මරාජ විදුහල වෙනුවෙන් උපනායක පළිඳු පෙරේරා මේ තරග වාරයේ පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 500 ඉක්මවා තිබේ. ඔහු ශ්‍රී ලංකා වයස 19න් පහළ ක්‍රිකට් පිල නියෝජනය කරමින් ආසියානු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ද සහභාගි වෙමින් දස්කම් දක්වා ඇත. ඔහු ශ්‍රී ලංකා වයස 19න් පහළ පිල නියෝජනය කරමින් පකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සංචාරය කොට ඇති පළපුරුදු ක්‍රීඩකයෙකි. එසේම ඉසුරු පන්නල (ලකුණු 500), ඔනජිත් ද සිල්වා (ලකුණු 500), ධර්මරාජ විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වා ඇති අතර නායක දුලාර බන්දුලසේන මේ තරග වාරයේ පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු‍ 50 සීමාව ඉක්මවා තිබේ.

කිංස්වුඞ් පිල වෙනුවෙන් උපනායක කවීජ ගමගේ (ලකුණු 650), ආදීල් ෂරිෆ් (ලකුණු 400) පිත්තෙන් දස්කම් දක්වා ඇති අතර නායක තේනුක දිසානායක (කඩුලු‍ 25), කෙනූල පිහිලිඅංග (කඩුලු‍ 40), අමේශ් රූපසිංහ (කඩුලු‍ 30) පන්දුවෙන් දස්කම් දක්වා තිබේ .

 

ධර්මරාජ සංචිතය දුලාර බන්දුලසේන (නායක), පලිදු පෙරේරා (උපනායක), ඉසුරු පන්නල, ඔන්නජිත් ද සිල්වා, අරෝෂ මහගෙදර, දක්ෂික මනුකල්ප, ලක්වින් අබේසිංහ, නිසල අබේරත්න, ඉරූෂ ජයවර්ධන, ෂෙහාන් මුණසිංහ, චමිත් ඒකනායක, දයාන් විජේසේකර, ජනිදු දිසානායක, අමන්ත වීරසේකර, මතිෂ රූපසිංහ, ලාලිත දිසානායක, ඕනිජ සේසත්, කවිඳු ගුණරත්න, හිරුන් මධුරංග, සානුක රත්නායක

 

කිංස්වුඩ්  සංචිතය නේනුක දිසානායක (නායක), කවීජ ගමගේ (උප නායක), ආදිල් ශෙරීෆ්, කෙනූල පිහිලිඅංග, අමේෂ් රූපසිංහ, නිකේෂල නානායක්කාර, දිනූක සඳරුවන්, බරණ රත්නායක, අමිරු අමුණුපුර, යෝෂිත් අබේකෝන්, දිල්ෂාන් වීරවංශ, ගෞරංග බණ්ඩාර, දමිත රත්නායක, චානුල් කොඩිතුවක්කු, පමුදිත බණ්ඩාර, රිස්වාන් රසාන්, උපාදි ජයවර්ධන, නදීෂ බණ්ඩාරනායක, හසිත් ගුණසේකර, හේෂාන් වීරසිංහ, රමේශ් හෙරත්


අදහස් (0)

කන්දඋඩරට සුලෝහිත සංග්‍රාමය 22-23 පල්ලේකැලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.