Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කන්ද උඩරට නිල් මහා සටන 15 - 16

කන්ද උඩරට නිල් මහා සටන 15 - 16

editorial - 2024 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

කන්ද උඩරට නිල් මහා සටන යන විරුදාවලිය ලත් ත්‍රිත්ව විදුහලත් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත් අතර ජෝන් හලංගොඩ අනුස්මරණ කුසලානය සඳහා පවත්වනු ලබන 105 වැනි මහා ක්‍රිකට් තරගයමේ මස 15 සහ 16 දිනයන්හිදි අස්ගිරිය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය .

මෙවර ත්‍රිත්ව විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ මනුල කුලරත්නටය. ශාන්ත අන්තෝනි පිල තිසර ඒකනායක විසින් මෙහෙයවනු ලබයි .

1914 වසරේදීආරම්භ වී ඇති මෙම මහා ක්‍රිකට් තරගයේ දෙවිදුහල් අතර මෙතෙක් පැවැති මහා ක්‍රිකට් තරග අතරින් වැඩි ගෞරව ත්‍රිත්ව විදුහල විසින් හිමි කරගනු ලැබ ඇති අතර ඔවුන් තරඟ 23 ක ජය වාර්තාකර ඇත. ශාන්ත අන්තෝනි විදුහල තරඟ 11 ක ජය හිමි කරගෙන තිබේ .

ශාන්ත අන්තෝනි විදුහල අවසන් වරට මහා ක්‍රිකට් තරගයක ජය වාර්තාකර ඇත්තේ 1992 වසරේදීය. ත්‍රිත්ව විදුහල 2012 වසරේදී නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් මහා ක්‍රිකට් තරගය ජයගත්තේය. ජෝන් හලංගොඩ කුසලානයේ වත්මන් හිමිකරුවන් වන්නේ ශාන්ත අන්තෝනි විදුහලයි. ඔව්හු 2019 වසරේ දී පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් එම කුසලානය කටුගස්තොට රැගෙන ගියහ.

ත්‍රිත්ව විදුහල්පිල මේ තරග වාරයේ තරග 9 කට මුහුණ දී ශාන්ත ආනා සහ මාතර ශාන්ත තෝමස් විදුහල්වලට එරෙහිව පූර්ණ ජය වාර්තා කර තිබේ. ඉතිරි තරඟ ජය පැරදුමෙන් තොරව නිමා කොට තිබේ .

ශාන්ත අන්තෝනි විදුහල මේ තරග වාරයේ තරග 13 කට මුහුණදී ශාන්ත බෙනඩික්ට්, ශාන්ත සෙබස්තියන්ස්, ගුරුකුල, ආනන්ද, නාලන්ද සහ ධර්මරාජ විදුහල් විදුහල්වලට එරෙහිව පූර්ණ ජය වාර්තා කර ඇත. ඩී. එස්. සේනානායක විදුහලට එරෙහි තරගයේදී පරාජය ලබා ඇතත් ඉතිරි තරග ජය පැරදුමෙන් තොරවනිමා කොට තිබේ .

ත්‍රිත්ව විදුහල වෙනුවෙන් දමිත මහවිතාන(ලකුණු 500) ජනිත වර්ණකුල(490) විදුනෙත් ධම්මගේ(497) වාසිල උදාන (490) පිත්තෙන් දස්කම් දැක්වූහ. මලිත් රත්නායක (කඩුලු 75) තරණ විමලධර්ම (33) දිනුක තෙන්නකෝන් (35) පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශාන්ත අන්තෝනි පිල වෙනුවෙන් තිසර ඒකනායක (ලකුණු 745) ජනිත් රත්නසිරි (698) ජානුක රත්නායක (313) පිත්තෙන් දස්කම් දක්වා ඇති අතර කවීෂ පියුමල් (කඩුලු 87) තිසර ඒකනායක (45) බිමශ් සමරසිංහ(27) පන්දුවෙන් දස්කම් දක්වා තිබේ.

 

ත්‍රිත්ව විදුහල් සංචිතය
මනුල කුලරත්න (නායක), දිනූෂ පීරිස් (උපනායක), සුපුන් වඩුගේ, තරණ විමලධර්ම, දිනූක තෙන්නකෝන්, ඔමෙත් බණ්ඩාර, වාසිල උදාර, ජයවි ලියනගම, දමිත මහාවිතාන, තිසල් යාපා, ස්වෙත් අනුරජීව, රජිඳු තිලකරත්න, මලිත් රත්නායක, කවිඳු ජයරත්න, කවීන් ගමගේ, විදුක ධම්මගේ, පුලීශ තිලකරත්න, විදුනෙත් ධම්මගේ සහ  ජනිත වර්ණකුල

 

ශාන්ත අන්තෝනි සංචිතය
තිසර ඒකනායක (නායක),  ඉඳුවර ගලපිටගේ (උපනායක), කවීෂ පියුමල්, ජනිත් රත්නසිරි, චානුක ඒකනායක, ජානුක රත්නායක, ජානුත් අඹන්පොල, දසුන් වලින්ග, කවින් ප්‍රනාන්දු, දිනූර ගංගොඩ, නෙදන් ඊබට්, කවිඳු නවාංජන, අංජන වීරසේකර, බිමෙශ් සමරසිංහ, කෞෂික කුමාරසිංහ, ඔකිත ප්‍රනාන්දු, ඉනූක වැවලියද්ද, විශ්ව තිලකරත්න,  නිකී අබිලස් සහ සදෙව් අමරකෝන්


අදහස් (0)

කන්ද උඩරට නිල් මහා සටන 15 - 16

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.