Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කන්ද උඩරට කුමරියන්ගේ නිල් මහ සටන 16 දා

කන්ද උඩරට කුමරියන්ගේ නිල් මහ සටන 16 දා

editorial - 2023 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

කන්ද උඩරට කුමරියන්ගේ නිල් මහ සටන  ලෙසින් හැඳින්වෙන මහමායා - ශාන්ත අන්තෝනි බාලිකා මහා ක්‍රිකට් තරඟයමේ මස 16 වැනිදා (සිකුරාදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වේ. 1985 වසරේදී ආරම්භ වී ඇති මෙම මහා ක්‍රිකට් තරගය විටින් විට පවත්වා ඇතත් මෙවර එය ඕවර 30 ක උත්කර්ෂවත් තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇත.

ඉසිරි මීගම්මනගේ නායකත්වයෙන් යුතු මහමායා බාලිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙන්ම මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන්ගෙන් ද සමන්විත කණ්ඩායමකි .

ශලනි දසනායකගේ නායකත්වයෙන් යුතු ශාන්ත අන්තෝනි බාලිකා කණ්ඩායමේ ද ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩිකාවන් සේම මහනුවර දිස්ත්‍රික් කණ්ඩායමේ ක්‍රීඩිකාවෝත් සිටිති.

දෙපිලම කරට කර සිටින බැවින් ඉතා තියුණු තරගයක් නැරඹීමේ අවස්ථාව මෙවර ප්‍රේක්ෂකයන්ටහිමි වනු ඇත .

 

මහමායා බාලිකා සංචිතය-

ඉසිරි මීගම්මන (නයිකා), ශානිකා සත්‍යංගනී, සයුනි ප්‍රේමරත්න, අසේනි  ප්‍රශන්සා, රුවින්දි නෙත්තිකුමාර, යෙනුලි අමරසිංහ, තිහාරා අන්සලී, අමාෂා රිදීමාලියද්ද, නෙත්මි භාග්‍යා, තරින්දි දිසානායක, රන්දි කවීෂා, සිතූමිණි අබේරත්න, ඕෂධි විමලවංශ, සනුකි පතිරගේ, ටමාෂා තරින්දි, ශනිත්‍යා කොතලාවල, හියත්මා ජයරත්න, රිත්මී ගුණරත්න

ප්‍රභා උඩවත්ත (පුහුණුකාරණි)

 

ශාන්ත අන්තෝනි බාලිකා සංචිතය-

ශලනි දසනායක(නායිකාව), හිමේෂිකා සෙනවිරත්න, ඩියෝනි දර්ශනී, රන්දිමා කුමාරවික්‍රම, කවිශ්කා අබේරත්න, මෙලීෂා බෙරෙන්ජර්, වයි. ප්‍රවීන්‍යා, ඩිනෙත්‍රා චන්ද්‍රරත්න, කෞමිණි රත්නායක, මලිමි හෙරත්,චමෝදිමෙන්ඩිස්, පූර්ණිමා ගුණවර්ධන, සනුරි අබේසේකර, දිහන්සාරත්නායක, අනුත්තරා බණ්ඩාර, මයස්සා රිස්වි,චනුක්‍යා විටන්ගමුව,දුලීනා ප්‍රනාන්දු,

සුසන්ත බස්නායක (පුහුණුකරු)


අදහස් (1)

කන්ද උඩරට කුමරියන්ගේ නිල් මහ සටන 16 දා
  • Chris Thursday, 15 June 2023 09:23 AM

    සුබපැතුම්...! 

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.