Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කිලිනොච්චි - මුලතිව් කණ්ඩායමට කඩුලූ 5 ක ජයක්

කිලිනොච්චි - මුලතිව් කණ්ඩායමට කඩුලූ 5 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ තරගයකදී වත්තල ශා. අන්තෝනී විද්‍යාලය පරදවා කඩුලූ 5 කින් ජය ගැනීමට කිලිනොච්චි - මුලතිව් පාසල් ඒකාබද්ධ කණ්ඩායම අද (8 වැනිදා) සමත්විය. මෙම තරගය කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විය.


කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් වත්තල ශා. අන්තෝනී විද්‍යාලය ලකුණු 100 කට දවා ගැනීමට කිලිනොච්චි - මුලතිව් පාසල් ඒකාබද්ධ කණ්ඩායම සමත්විය. 


ලකුණු 101 ක ඉලක්කයක් හඹා ගිය කිලිනොච්චි - මුලතිව් පාසල් ඒකාබද්ධ කණ්ඩායම  ඕවර 17.5 කදී කඩුලූ 5 ක් දැවී තම ජයග‍්‍රහණය තහවුරු කර ගැනීමට සමත්වූහ.

 

වත්තල ශා. අන්තෝනී විද්‍යාලය -  ඕවර 19.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 100
(සංක ළහිරු 28, අරුනෝදයම් අන්චායම් 11/3, මුගුන්තන් නිතුශාන් 22/3)

 

කිලිනොච්චි - මුලතිව් පාසල් ඒකාබද්ධ කණ්ඩායම -  ඕවර 17.5 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 101
(රගුනාදන් රජීවන් නොදැවී 42)


අදහස් (0)

කිලිනොච්චි - මුලතිව් කණ්ඩායමට කඩුලූ 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.