Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර මහනුවර පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවති තරගය අද (04 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන්විය.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් කිංග්ස්වුඞ් විද්‍යාලය 51.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 229 ක් රැස් කර ගැනීමට සමත්විය.
අර්ධ-ශතක ලබා ගනිමින් රුවන්ත හතුරුසිංහ (53) සහ අවිශ්ක චන්ද්‍රසිරි (50) කිංග්ස්වුඞ් විද්‍යාලයේ ලකුණු සංඛ්‍යාව ඉහල දැමීමට සමත්වූහ. වේගවත් පිතිහරඹයක නිරතවු රුවන්ත හතුරුසිංහ පන්දු 35 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 53ක් රැස් කර ගත්තේය.
පන්දු යැවීමේදී ඉසුරු මලින්ත ලකුණු 36 කට කඩුලූ 6ක් දවා ගනිමින් සුමංගල විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
තම පළමු ඉනිම ඇරඹු සුමංගල ක‍්‍රිඩකයින්ට වර්ෂාව හේතුවෙන් ඉනිම අවසන් කළ නොහැකි විය. තරගය අවසන් කරනවිට ඔව්හුකඩුලූ 6 ක් දැවී ලකුණු 122 ලබා සිටියහ.
මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය පළමු ඉනිම - ඕවර 51.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 229
(රුවන්ත හතුරුසිංහ 53, අවිශ්ක චන්ද්‍රසිරි, ඉසුරු මලින්ත 36/6)
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය පළමු ඉනිම - ඕවර 57 කදී කඩුලූ 6ක් දැවී ලකුණු 122
(නීදීර රුක්ෂාන් 41, නිපුන දේශාන් 26, අවිශ්ක චන්ද්‍රසිරි 27/4)
- 022
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.