Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කිංග්ස්වුඞ් කඩුලූ 8 ට 212 යි

කිංග්ස්වුඞ් කඩුලූ 8 ට 212 යි

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරගය මහනුවර පොලිස් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (03 වැනිදා) ආරම්භ වූ තරගයේදී මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය කඩුලූ 8 ක් දැවී ලකුණු 212 ක් ලබාගත්තේය.


කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් කිංග්ස්වුඞ් විද්‍යාලය වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට  ඕවර් 44 ක් පන්දුවට මුහුණ දී සිටියේය.


අර්ධ-ශතක ලබා ගනිමින් රුවන්ත හතුරුසිංහ (53) සහ අවිශ්ක චන්ද්‍රසිරි (50) කිංග්ස්වුඞ් විද්‍යාලයේ ලකුණු සංඛ්‍යාව ඉහල දැමීමට සමත්වූහ. වේගවත් පිතිහරඹයක නිරතවු රුවන්ත හතුරුසිංහ පන්දු 35 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 53 ක් රැුස් කර ගත්තේය.


පන්දු යැවීමේදී ඉසුරු මලින්ත ලකුණු 27 කට කඩුලූ 5 ක් දවා ගනිමින් සුමංගල විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්විය. තරගයේ දෙවැනි දිනය අදයි.


මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය පළමු ඉනිම -  ඕවර් 44 කදී කඩුලූ 8 ක් දැවී 212
(රුවන්ත හතුරුසිංහ 53, අවිශ්ක චන්ද්‍රසිරි, ඉසුරු මලින්ත 27/5)
 

 


අදහස් (0)

කිංග්ස්වුඞ් කඩුලූ 8 ට 212 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.