Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්තය අතර හෙඩිනග්ලිහි ලීස්ඞ්හි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය තුළදී ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 179 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජොෆ්රා ආචර් ලකුණු 45 කට කඩුලු 6 ක් දවාගනිමින් ඕස්ටේ්‍රලියානු පළමු ඉනිම සුනුවිසුණු කර දැමුවේය. එහිදී ඔහුට අනගි සහායක් ලබාදුන් ස්ටුවට් බ්‍රෝඞ් ලකුණු 32 කට කඩුලු 2 ක් දවාගත් අතර ක්‍රිස් වොක්ස් සහ බෙන් ස්ටෝක්ස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
වර්ෂාව හේතුවෙන් තරගය ඊයේ (22 වැනිදා) පස්වරු 12.10 ට පමණ ආරම්භ වූ අතර ආරම්භ වීමෙන් අනතුරුවද වරින්වර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ හේතුවෙන් පළමු දිනය තුළදී එංගලන්ත පන්දු යවන්නන්ට යැවීමට හැකි වූයේ ඕවර 52.1 ක් පමණි. 53 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ඕස්ටේ්‍රලියානු ඉනිමේ අවසන් කඩුල්ල බිඳ වැටීමත් සමග පළමු දිනය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ.
මුලු ලකුණ සංඛ්‍යාව 25 ක් වන විට ආරම්භක පිතිකරු මාකස් හැරිස් (8) සහ උස්මාන් කවාජා (8) දැවී ගිය නමුත් ඬේවිඞ් වෝනර් (61) සමග එක් වූ මාර්නස් ලැබුස්චේන් (74) ඕස්ටේ්‍රලියානු ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. වෝනර්ගේ 30 වැනි අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත වූ අතර ලැබුස්චේන්ගේ තෙවැනි අර්ධ ශතකයට හතරේ පහර 10 ක් අන්තරගත විය.
ජොෆ්රා ආචර්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාස්ටෝ අතට උඩ පන්දුවක් දෙමින් වෝනර් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් වූ අතර ඉන් අනතුරුව ලැබුස්චේන් සමග එක්ව සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමට කිසිදු ඕස්ටේ්‍රලියානු පිතිකරුවක් සමත් නොවීය. වෝනර්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි පිතිකරුවන් 7 දෙනොගෙන් ලකුණු 10 සීමාව පසුකර යෑමට සමත් වූයේ නායක ටිම් පේන් (11) පමණි.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 179
(ඬේවිඞ් වෝනර් 61, මාර්නස් ලැබුස්චේන් 74, ජොෆ්රා ආචර් 45/6, ස්ටුවට් බ්‍රෝඞ් 32/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.