සංචාරක ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ චිතගොංහි සහුර් අහමඞ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 225 ක් ලබා සිටියේය. ඒ අනුව ඕස්ට්‍රේලියාව කඩුලු 8 ක් අතැතිව බංග්ලාදේශයට වඩා තවත් ලකුණු 80 ක් ඈතින් සිටී.
තරගයේ දෙවැනි දිනය වූ අද (5 වැනිදා) තරගය නතර කරන විට ඬේවිඞ් වෝනර් ලකුණු 88 ක්ද, පීටර් හෑන්ඞ්ස්කොම්බ් ලකුණු 69 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
දිනය නිමාවන විට ඔවුන් දෙදෙනා එක්ව ඕස්ට්‍රේලියානු ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 127 කි. සිය 25 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 4 ක් අන්තර්ගත කිරීමට ඬේවිඞ් වෝනර් සමත් වූ අතර පීටර් හෑන්ඞ්ස්කොම්බ්ගේ සිවුවැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 5 කින් සමන්විත විය.
මුලු ලකුණු සංඛ්‍යාව 5 ක් වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 4 ක් ලබා සිටි ආරම්භක පිතිකරු මැතිව් රැන්ෂෝ පිටියෙන් ඉවත් කිරීමට මුස්තෆිසුර් රෙහෙමාන් සමත් වූයේ මුෂ්ෆකුර් රහීම්ගේ සහායද ලබාගනිමිනි. එතැන් සිට ඬේවිඞ් වෝනර් සමග එක්වූ නායක ස්ටීවන් ස්මිත් (58) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සම්බන්ධතාවක් පැවැත්වීය. තයිජුල් ස්ලාම්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත්ව යන විට ස්මිත්ගේ 21 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 8 ක් ඇතුළත්වී තිබිණ.
පළමු දිනය වූ ඊයේ තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 253 ක් ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමා සඳහා අලුතින් එක්කර ගතහැකි වූයේ ලකුණු 52 ක් පමණි.
බංග්ලාදේශ ඉනිමේ බිඳවැටුණ කඩුලු 10 න් 7 කටම හිමිකම් කීමට නේදන් ලයන් සමත් වූ අතර එය ඔහු ටෙස්ට් තරගයකදී කඩුලු 5 ක් දවාගත් 11 වැනි අවස්ථාව ලෙස සටහන් විය. එහිදී ඔහු දවාගත් කඩුලු 7 ක් 4 ක්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීම් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 305
සෞම්‍ය සාකර් 33, මොමිනුල් හක් 31, සකීබ් අල් හසන් 24, මුෂ්ෆිකුර් රහීම් 68, සබීර් රෙහෙමාන් 66, නසිර් හුසේන් 45, නේතන් ලයන් 94/7, ඇෂ්ටන් ආගර් 52/2)
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 225
(ඬේවිඞ් වෝනර් 88, ස්ටීවන් ස්මිත් 58, පීටර් හෑන්ඞ්ස්කොම්බ් නොදැවී 69)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.