Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඉසිපතන විදුහල සහ අනුරාධපුර මැදි විදුහල අතර කොළඹ බී. ආර්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගයේ පළමු දිනය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි ඉසිපතන කී‍්‍රඩකයෝ කඩුලූ 4 ක් දැවී ලකුණු 183 ක් ලබා සිටියහ.
ඉසිපතන විදුහල පළමු ඉනිමේදී අනුරාධපුර මැදි විදුහලට වඩා ලකුණු 23 ක් ඉදිරියෙන් සිටියි.
ඉසිපතන විදුහල වෙනුවෙන් ලකුණු 56 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට ප්‍රමෝද් මධුවන්ත සමත් වූ අතර නොදැවී ලකුණු 83 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට පැතුම් නිස්සංක සමත් විය.
අනුරාධපුර මැදි විදුහල පළමු ඉනිම - ඕවර 51.5 කදී සියලූ දෙනා දැවී 160
(ශානුක කැළුම් 61, ශවිඳු චන්ද්‍රසේකර 28, සචිත් රන්දිම 25, ළහිරු දිල්ෂාන් 56/5, ප්‍රමෝද් මධුවන්ත 19/3, හේෂාන් ප්‍රනාන්දු 18/2)
ඉසිපතන විදුහල පළමු ඉනිම - ඕවර 46 කදී කඩුලූ 4 ක් දැවී 183
(පැතුම් නිස්සංක නොදැවී 83, සංජුල අබේවික්‍රම නොදැවී 29, ප්‍රමෝද් මධුවන්ත 22, හේෂාන් ප්‍රනාන්දු 22, හර්ෂ රත්නායක 21)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.