Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී ඉසිපතන විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර තරගය ජය පරාජයෙන් තොරව බී.ආර්.සී. ක‍්‍රීඩාංගණයේදී 22 වැනිදා අවසන්විය.
ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් ප‍්‍රමෝද් මධුවන්ත ශතකයක් (102) සහ ලකුණු 58 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත්විය.
කව්ඳු මුණසිංහ ශතකයක් (108) සහ කණිෂ්ක ගිම්හාන ලකුණු 81 කට කඩුලූ 8 ක් දවා ගනිමින් මහානාම විද්‍යාලය වෙනුවෙන් තරගය පුරා පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූහ.
ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම - ඕවර 65.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 259
(ප‍්‍රමෝද් මධුවන්ත 102, කළන පෙරේරා 37, කණිෂ්ක ගිම්හාන 50/5, කව්ඳු මුනසිංහ 27/3)
මහානාම විද්‍යාලය පළමු ඉනිම - ඕවර 93 කදී සියලූ දෙනා දැවී ලකුණු 226
(කව්ඳු මුණසිංහ 108, විමුක්ති පණ්ඩිතරත්න 28, ප‍්‍රමෝද් මධුවන්ත 58/4, ළහිරු ඩිල්ශාන් 31/3)
ඉසිපතන විද්‍යාලය දෙවන ඉනිම - ඕවර 24 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 147
(සංජුල අෙබිවික‍්‍රම 37, කළන පෙරේරා 30, කනිෂ්ක ගිම්හාන 31/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.