Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

editorial - 2024 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වාර්තා පොත් අතරට ශතක තුනක් එකතු කරමින් ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 119 වැනි ආදරවන්තයන්ගේ සටන අද (16 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය. රිච්මන්ඞ් විදුහල වෙනුවෙන් චෙහාන් සුබසිංහ (100) සහ නායක මල්ෂ තරුපති (111) දෙදෙනාත්, මහින්ද නායක දිනුර කළුපහනත් (124) ශතක ලබාගත්හ. 

මහින්ද විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 169 ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙසින් රිච්මන්ඞ් ක්‍රීඩකයෝ කඩුලු 6 කට ලකුණු 270 ක් ලබා තම පිතිහරඹය නතර කළහ. දෙවැනි ඉනිමේදී ඊටත් වඩා සාර්ථක උත්තරයක් දුන් මහින්දීයයෝ තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 206 ක් ලබා සිටියහ. මහින්ද දෙවැනි ඉනිමේදී තරූෂ ඩිල්ෂාන් (63) සහ දිනුර කළුපහන (124) එක්ව පළමු වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සම්බන්ධතාව ලකුණු 172 කි. 

තරගයේ විශේෂත්වය වූයේ රිච්මන්ඞ් පිතිකරුවන් අනුගමනය කළ සුභවාදී පිතිහරඹ රටාවටම පිවිසි මහින්ද පිතිකරුවෝත් සිය දෙවැනි ඉනිමේදී ඕවර 48 කින් ලකුණු 206 ක් ලබාගැනීමයි. මුල් ඉනිමේදීත් මහින්දය වෙනුවෙන් වගකීම් සහගත පිතිහරඹයක නිරත වූ දිනුර කළුපහන, කඩුලු දෙකක් දවාගැනීමෙන් අනතුරුව දෙවැනි ඉනිමේදී ශතකයක් ලබාගත්තේය. 


මහින්ද විදුහල - පළමු ඉනිම 169 යි
(තරූෂ ඩිල්ෂාන් 11, දිනුර කළුපහන 38, හරීන් අචින්ත 11, චන්දූප ද සිල්වා 41, දිනෙත් කෞෂල්‍ය 16, අරෝෂ උදයංග නොදැවී 15, කවීෂ ඉඳුවර 37/3, සිහත් රාමනායක 19/2, ෂැරොන් අභිශේක් 45/2, මල්ෂ තරුපති 38/2)

රිච්මන්ඞ් විදුහල - පළමු ඉනිම කඩුලු 6 ට 270 යි
(චෙහාන් සුබසිංහ 100, සිහත් රත්නායක 21, මල්ෂ තරුපති 111, දිනුර කළුපහන 53/2, තරූෂ ඩිල්ෂාන් 68/3)

මහින්ද විදුහල - දෙවැනි ඉනිම කඩුලු 3 ට 206 යි
(තරූෂ ඩිල්ෂාන් 63, දිනුර කළුපහන 124, ෂැරොන් අභිෂේක් 65/2)


අදහස් (0)

ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.