Last Update  :  2025-05-07 10:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හික්කඩුව ශ්‍රී සුමංගලයට කඩුලු 7ක ජයක්
ශුරයන්ගේ සංග්‍රාමය

හික්කඩුව ශ්‍රී සුමංගලයට කඩුලු 7ක ජයක්

editorial - 2025 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

කරන්දෙණිය  විද්‍යාලය සහ හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය අතර සෙනසුරාදා පැවති  ශුරයන්ගේ සංග්‍රාමය මංගල ක්‍රිකට් තරගයෙන් හික්කඩුව  ශ්‍රී සුමංගල විද්‍යාලය  කඩුලු 7ක පහසු ජයක් ලබා ගත්තේය.

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයේ සත්කාරකත්වයෙන්  මේ මහා  වාර්ෂික ක්‍රිකට් තරගය සිකුරාදා (2) සහ සෙනසුරාදා (3) දෙදින ගාල්ල ජාත්‍යන්තර  ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

පළමු ඉනිමේදී දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින්  අර්ධ ශතකයක් (53) ලබාගත් රන්සර දේශාන් සහ එම ඉනිමේදීම පන්දුවට පහර දෙමින් ලකුණු 44ක් සහ  දක්ෂ පන්දු යැවීමක  නිරතවෙමින් ඉනිම් දෙකේදීම ලකුණු 65කට කඩලු  10ක් ලබගත් තරුන් දම්සිත් ශ්‍රී සුමංගල විදුහල් ජයග්‍රහණයේ නියමුවෝ වූහ.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආරාධනයෙන් පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට ගිය කරන්දෙණිය විද්‍යාලයට ඕවර 34.3කදී සියලුදෙනාම දැවී ලබාගත හැකිවූවේ ලකුණු 110ක් පමණි. එහිදි ලසිදු චමෝද් පමණක් ලකුණු 35 ක් ලබා ගත්තේය. අනෙක් කිසිදු කීඩකයෙකුට ලකුණු 20 සීමාව පැන්නීමට ශ්‍රී සුමංගල විදුහල් පන්දු යවන්නෝ ඉඩනොදුන්හ. ශ්‍රී සුමංගල විද්‍යාලයේ තරුන් දම්සිත් ලකුණු 34කට ප්‍රතිවාදී කඩලු 6ක්ම බිඳ දැමුවේය.

පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට ගිය ශ්‍රී සුමංගල විදුහල් ක්‍රීඩකයෝ වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කරමින් ඕවර 40.2 කදී සියලුදෙනා දැවී ලකුණු 201ක් ලබා ගත්හ. ශ්‍රී සුමංගල ක්‍රීඩකයන්ගේ මුල් ඉනිමේ වාසිය ලකුණු 91 කි. 

ශ්‍රී සුමංගල විද්‍යාලයේ රන්සර දේශාන් අර්ධ ශතකයක්(53) ලබාගත්තේ දෙවිදුහලෙන්ම වාර්තාවුනු එකම අර්ධ ශතකය ලෙසය. තරුන් දම්සිත් ලබාගත් ලකුණු 44 හා ලකිත් නේමින්ද ලබාගත් ලකුණු 32 ශ්‍රී සුමංගල විදුහලේ පළමු ඉනිම ලකුණු 200 සීමාව ඉක්මයාමට හොද ශක්තියක් විය.

දෙවැනි ඉනිම සදහා පිටියට ගිය කරන්දෙණිය විද්‍යාලය  ඕවර 42 කදි  සියලු දෙනාම දැවී ලබාගත්තේ ලකුණු 103ක් පමණි. එහිදී දිනුක ධනංජය නායකත්වයේ ඉනිමක් කියාත්මක කරමින් තනි සටනක් දී ලකුණු 40ක් ලබා ගත්තේය. එහෙත් එය තම විදුහල පරාජයෙන් ගලවා ගැනීමට කෙසේවත් පමාණවත් නොවීය.

පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද කරන්දෙණිය විදුහලේ කඩලු දඩයමේ ගිය ශ්‍රී සුමංගල විදුහලේ තරුන් දම්සිත් ලකුණු 31කට කඩලු 4 ක් ලබාගත්තේ මුලු තරගයේම කඩලු වැඩිම ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා වෙමිනි. ඔහුට අනගි සහයක්දුන් සංජන දම්සිත් ලකුණු 33කට කඩලු 4ක් දෙවැනි ඉනිමේදී ලබා ගත්තේය.

පළමු ඉනිමේ ලකුණු 91 වාසියත් සමග ජයග්‍රාහණය සදහා ලකුණු 13 ක් ලබා ගැනීමට ගිය පිටියට ගිය ශ්‍රී සුමංගල විද්‍යාලයට ඒ වෙනුවෙන් කඩලු 3 ක්ම පූජා කිරීමට සිදුවිම කැපී පෙනුණි. 
දැවී ගිය කඩලු තුනම කරන්දෙණිය විදයාලයේ අශේන් රනිදු ලබා ගත්තේය.

 

කරන්දෙණිය විද්‍යාලය - පළමු ඉනිම ඕවර 34.3 කදි 110 යි.
(ලසිදු චමෝද  35, තරුන් දම්සිත් 34/6, සංජන නෙතුපුල් 14/2)

ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම ඕවර 41.2කදී 201 යි
(රන්සර දේශාන් 53, තරුන් දම්සිත් 44, ලකිත් නේමින්ද 32, අශේන් රසිඳු 59/3, චලන අවිශ්ක 21/2, රවිඳු තේජාන් 47/2)

කරන්දෙණිය විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර 42කදී 103 යි
(දිනුක ධනංජය 40, විහඟ කාවය 22, තරුන් දම්සිත් 31/4, සංජන නෙතුපුල් 33/4)

ශ්‍රී සුමංගල විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර  5.3 කදී කඩලු 3ක් දැවී 13 යි
(අශේන් රසිදු 03/3)   

 

හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල 


අදහස් (0)

හික්කඩුව ශ්‍රී සුමංගලයට කඩුලු 7ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.