Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිංගර් සමාගම පාසල් කි‍්‍රකට් පිටිය බාරගනී

සිංගර් සමාගම පාසල් කි‍්‍රකට් පිටිය බාරගනී

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියට පිට පිටම තෙවැනි වසරටත් අනුග‍්‍රහය දැක්වීමට ‘සිංගර්’ ශ්‍රී ලංකා සමාගම ඉදිරිපත්ව සිටියි. මෙම අනුග‍්‍රහයත් සමඟ පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස 13 න් පහළ, වයස 15 න් පහළ, වයස 17 න් පහළ සහ වයස 19 න් පහළ යන සියලූම තරගාවලි සදහා සිංගර් ශ්‍රී ලංකා සමාගම අනුග‍්‍රහය දක්වයි.

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී අශෝක පීරිස් මහතා පාසල් ක‍්‍රිකට් සංගමයේ සභාපති කිත්සිරි ලියනගමගේ මහතාට අනුග‍්‍රහක චෙක්පත නිලවශයෙන් ප‍්‍රදානය කළ අවස්ථාව.  

මෙවර වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියට කාණ්ඩ තුනකින් පාසල් 213 ක් තරග කරයි. එයට පළමු කාණ්ඩයෙන් පාසල් 36 ක්, දෙවැනි කාණ්ඩයෙන් පාසල් 31 ක් සහ තෙවැනි කාණ්ඩයෙන් පාසල් 146 ක් ඇතුළත්වේ. ඒ අනුව මෙවර තරගාවලියට දෙදින තරග 1150 ක් සහ සීමිත  ඕවර තරග 110 ක් පමණ ඇතුළත් වේ.

 

මෙවර පළමු කොටසේ තරගාවලිය වෙනස්කර කරමින් දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටු දැකිමේ ක‍්‍රමයට තරග පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග සහ අවසන් මහ තරගය තුන්දින තරග ලෙස පැවැත්වේ.

පළමු කොටසේ පාසලක් අවම වශයෙන් තරග 8 කට සහභාගිවියයුතු අතර සෑම කණ්ඩයකම වැඩිම ප‍්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් හතර බැගින් කණ්ඩායම් 16 ක් දෙවැනි වටයට සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටු උප සභාපති කුෂිල් ගුණසේකර මහතා පැවසුවේ අනුග‍්‍රහකයන් ලබා දෙන සහයෝගත් සමඟ ක‍්‍රීඩකයන් කැපවීමෙන් ක‍්‍රීඩා කර ප‍්‍රතිපළ ලබාගත යුතු බවයි.  

මෙවර එක පාසලකට තරගාවලියේ තරග 8 ට අමතරව තවත් තරග වලට සහභාගි විය හැකි නමුත් කී‍්‍රඩකයන්ගේ දස්කම් ඇගයීමේදී තරග 13 දස්කම් පමණක් ගණනය කිරීම් සඳහා යොදා ගන්නා බව පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පැවසීය.

”මෙවර තරගාවලියේදී අපි සියලූම පාසල්වලට ගුණාත්වයෙන් යුත් පන්දු ලබා දෙනවා. ඒ වගේම ලකුණු සටහන්කරු වෙනුවෙන් ගෙවීම් ලබා දෙනවා” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

අනුග‍්‍රහය පිරිනැමීමේ අවස්ථාවට සහභාගි වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී අශෝක පීරිස් මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාවේ දියුණුවට කවදත් පෙරමුණ ගන්නා සිංගර් ආයතනය පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් නැවතත් අනුග‍්‍රහය පිරිනමන බවයි.

මේ අවස්ථාවට සහභාගි වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අළෙවි අධ්‍යක්‍ෂ කුමාර් සමරසිංහ මහතා පැවසුවේ සිංගර් සමාගම ව්‍යාපාරික අරමුණක් නොමැතිව හුදෙක්ම ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතයට කරන මෙහෙවරක් හැටියට මෙම අනුග‍්‍රහය තමන් සළකන බවයි.

මෙම අනුග‍්‍රහය පිරිනැමීමේ අවස්ථාවට පාසල් ක‍්‍රිකට් සංගමයේ සභාපති කිත්සිරි ලියනගමගේ, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් ප‍්‍රකාෂ් ශාෆ්ටර් සහ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළෙද හා වාණිජ අධ්‍යක්‍ෂ මහේෂ් විජේවර්ධන යන මහත්වරු ද සහභාගි වූහ.

 

ඡායාරූපය - වරුණ වන්නිආරච්චි

 


අදහස් (0)

සිංගර් සමාගම පාසල් කි‍්‍රකට් පිටිය බාරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.