Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සා. තෝමස් කී‍්‍රඩකයෝ ශූරතාව දිනති

සා. තෝමස් කී‍්‍රඩකයෝ ශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගම් ක‍්‍රීඩාංගණයේදී සෙනසුරාදා (29) පැවැති අවසන් මහ තරගයේදී සාන්ත තෝමස් විදුහල පිල විසින් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල කඩුලූ 6 කින් පරාජය කරන ලදි.

නායක ඩෙලොන් පීරිස් (10/3) සහ දිනිත් වන්නිආරච්චි (18/3) ප‍්‍රමුඛ සාන්ත තෝමස් විදුහල් පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් ශාන්ත සෙබස්තියන් විදුහල් ඉනිම ලකුණු 103 කට සීමා කරමින් ජයග‍්‍රහණයට මුල පිරූහ.

ශාන්ත තෝමසුවන් වෙනුවෙන් යොහාන් පෙරේරා පන්දු 78 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 60 ක් රැස් කිරීමට සමත් විය. ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 35.2 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ සාන්ත තෝමස් විදුහල් පිල සමත් විය.

 

 

 

 

 

 

 

සාන්ත තෝමස් කණ්ඩායම

 

ලකුණු පුවරුව
 
ශාන්ත සෙබස්තියන් විදුහල
   
ප‍්‍රවීන් කුරේ - ඇ. යෙහෙන් ප. ඩෙලොන් 20
නිෂිත අභිලාෂ් - ක. මූ. කළා ප. තෙවින් 20
ළහිරු ප‍්‍රනාන්දු - ඇ. සිතාර ප. දිනිත් 4
දුනිත් වෙල්ලාලගේ - ඇ. යෙහෙන් ප. දිනෙත් 6
රජීව් සල්ගාදු - ඇ. යෙහෙන් ප. ඩෙලොන් 0
ෂෙනෙල් ප‍්‍රනාන්දු - ඇ. සිමාල් ප. දිනිත් 4
චමෝද් මෙන්ඩිස් - ඇ. සිතාර ප. සිමාල් 2
මහේල ප‍්‍රනාන්දු - ක. මූ. කළා ප. දිනිත් 15
ජනිෂ්ක පෙරේරා - නොදැවී 14
සසික පෙරේරා - ඇ. ඩෙලොන් ප. දිනෙත් 0
රුමේෂ් මෙන්ඩිස් - ක. මූ. කළා ප. ඩෙලොන් 2
අතිරේක 16
එකතුව  ඕවර 45.5 කදී සියලූ දෙනා දැවී  103
 
කඩුලූ වැටීම:
1-34(නිෂිත), 2-49(ළහිරු), 3-55(ප‍්‍රවීන්), 4-55(රජිව්), 5-59(දුනිත්), 6-64(ෂෙනෙල්), 7-68(චමෝද්), 8-94(මහේල), 9-95(සසික), 10-103(රුමේෂ්)
 
පන්දු යැවීම:
තෙවින් ඊරියගම: 8-2-38-1, යොහාන් පෙරේරා: 4-2-6-0, දිනිත් වන්නිආරච්චි: 10-2-18-3, ෂේනුක පෙරේරා: 4-1-14-0, දිනෙත් කන්නංගර: 9-6-7-2, ඩෙලොන් පීරිස්: 7.5-5-10-3, සිමාල් සමරවික‍්‍රම: 3-1-10-1
   
සාන්ත තෝමස් විදුහල  
මොහොමඞ් ඉෂාක් - ඇ. දුනිත් ප. සසික 13
සිතාර හපුහින්න - ඇ. රුමේෂ් ප. ජනිෂ්ක  5
භාග්‍ය දිසානායක - ඇ. ළහිරු ප . සසික 1
යොහාන් පෙරේරා - ඇ. දුනිත් ප. ප‍්‍රවීන් 60
දිනිත් වන්නිආරච්චි - නොදැවී  15
ඩෙලොන් පෙරේරා - නොදැවී  3
අතිරේක 7
එකතුව  ඕවර 35.2 කදී කඩුලූ 4 ක් දැවී  104
   
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:  
දිනෙත් කන්නංගර, තෙවින් ඊරියගම, යෙහෙන් ඩයස්, ෂෙනුක පෙරේරා, සිමාල් සමරවික‍්‍රම, ෂලීම් ද මෙල්, රනුක ගුණවර්ධන, මොහොමඞ් රාජි, ගාවින් බොතේජු
 
කඩුලූ වැටීම:
1-13(ඉෂාක්), 2-20(සිතාර), 3-20(භාග්‍ය), 4-91(යොහාන්)
 
පන්දු යැවීම:
ජනිෂ්ක පෙරේරා: 4-0-17-1, සසික පෙරේරා: 5-1-25-2, ප‍්‍රවීන් කුරේ: 8.2-4-12-1, දුනිල් වෙල්ලාලගේ: 9-1-16-0, ෂෙනල් ප‍්‍රනාන්දු: 1-0-12-0, චමෝද් මෙන්ඩිස්: 3-1-4-0, රජීව් සල්ගාදු: 3-0-13-0, නිෂිත අභිෂේක්: 1-1-0-0, ෂෙනල් පෙරේරා: 1-0-3-0 

 

 

 


අදහස් (0)

සා. තෝමස් කී‍්‍රඩකයෝ ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.