අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රිකට් පදනම සංවිධානය කරන අන්තර් පාසල් (වයස අවුරුදු 19 න් පහළ) දකුණු පළාත් සය සාමාජික ක්‍රිකට් තරගාවලිය මෙම මස 19 සහ 20 දෙදින අම්බලන්ගොඩ මහජන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ ජයග්‍රාහකයන්ට සහ අනුශූරයන්ට රුපියල් ලක්ෂයට ආසන්න වටිනාකමකින් යුත් ක්‍රිකට් උපකරණ පිරිනැමේ. අවසන් තරගයේ වීරයා, අවසන් තරගයේ දක්ෂතම පිතිකරු, අවසන් තරගයේ දක්ෂතම පන්දුයවන්නා සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සඳහාද වටිනා කුසලාන සමග ක්‍රිකට් උපකරණ පිරිනැමේ.
තරගාවලියට සහභාගී වන කණඩායම්
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය, බලපිටිය රේවත විද්‍යාලය, බෙන්තර ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය, මාදම්පාගම මධ්‍ය මහා විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය, ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.