Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් පූර්ව වටයේ තරගයකදී ජයගත් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට පසුගියදා සමත්විය.
වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම සමත්විය.
පිත්තෙන් දස්කම් දැක්වූ ශාන්ත සෙබස්තියන් විදුහලේ දුලාර ප්‍රනාන්දු නොදැවී අර්ධ ශතකයක් (67) ලබා ගැනීමට සමත්විය.
තර්ස්ටන් ‘බී’ - ඕවර 37.1 කදී සියලුදෙනා දැවී 128
(තිනෙත් ප්‍රබුද්ධ 47, ඉඳුවර පෙරේරා 23, චමෝද් මෙන්ඩිස් 19/3)
ශා.සෙබස්තියන් ‘බී’ - ඕවර 32.1 කදී කඩුලු 2 ක් දැවී 131
(දුලාර ප්‍රනාන්දු නොදැවී 67, ඩොමිනික් පෙරේරා 27)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.