Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. සර්වේශස් විදුහලට කඩුලූ 10 ක ජයක්

ශා. සර්වේශස් විදුහලට කඩුලූ 10 ක ජයක්

ශනුක අරවින්ද - 2015 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 10 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සර්වේශස් විදුහල සමත් විය.

මාතර ශාන්ත සර්වේශස් විදුහලේ වමත් දඟපන්දු යවන්න කී‍්‍රඩක චානුක දිල්ෂාන් ඉනිම් දෙකේදීම ලකුණු 103 කට කඩුලූ 13 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.

එම විදුහලේම රමේෂ් නිමන්ත පන්දු 161 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 137 ක් රැස්කිරීමට සමත් විය.

ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම -  ඕවර 66.4 කදී සියලූ දෙනා දැවී 284
(රමේෂ් නිමන්ත 137, අෂේන් දීමන්ත 61, කවිඳු උමේෂ් 31, සචිඳු කොළඹගේ 55/3, තිමිඳු පී‍්‍රත්මා 82/3)

මාරිස්ටෙලා විදුහල පළමු ඉනිම -  ඕවර 53.2 කදී සියලූ දෙනා දැවී 175
(සචිඳු කොළඹගේ 87, කි‍්‍රෂාන් පීටර්ස් 34, අවන්ත සිල්වා 26, චානුක දිල්ෂාන් 57/7)

මාරිස්ටෙලා විදුහල දෙවැනි ඉනිම -  ඕවර 43.2 කදී සියලූ දෙනා දැවී 134
(අවන්ත සිල්වා 33, සචිඳු කොළඹගේ 21, චානුක දිල්ෂාන් 46/6, අෂේන් දීමන්ත 48/3)

ශාන්ත සර්වේශස් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 6.3 කදී කිසිවකු නොදැවී 29

 


අදහස් (0)

ශා. සර්වේශස් විදුහලට කඩුලූ 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.