Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. අන්තෝනී විදුහලට ලකුණු 19 ක ජයක්

ශා. අන්තෝනී විදුහලට ලකුණු 19 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු 19 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විදුහල අද (24 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර ශාන්ත අන්තෝනී විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මහනුවර ශාන්ත අන්තෝනී විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ශකීල් අහ්මඞ් (68) අර්ධ ශතකයක් ලබාගත් අතර යෝගරාජා ජයරාජ් ලකුණු 33 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් ලකුණු 43 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට රවිඳු රත්නායක සමත්විය.

ශා. අන්තෝනී විදුහල - ඕවර 45.1 කදී සියලුදෙනා දැවී 209
(ශකීල් අහ්මඞ් 68, නිලුක්ෂාන් උදයකුමාර නොදැවී 49, රවිඳු රත්නායක 43/6)

ශා. තෝමස් විදුහල - ඕවර 30 කදී කඩුලු 7 ක් දැවී 161
(සිතාර රංකොත් 42, ලාවා විජේරත්න 26, දේවින්ද කරුණාතිලක 23, උමේෂ් පෙරේරා 22, රවිඳු රත්නායක 20, යෝගරාජා ජයරාජ් 33/5)

 


අදහස් (0)

ශා. අන්තෝනී විදුහලට ලකුණු 19 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.