Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.ජෝන් ලකුණු 107 ට සීමා වෙයි

ශා.ජෝන් ලකුණු 107 ට සීමා වෙයි

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ II කොටසේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය අතර මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) ආරම්භ වූ තරගයේදී ශාන්ත ජෝන් විද්‍යාලය  ඕවර 56.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 107 කට දැවී ගියේය.


පන්දු යැවීමේදී ගිෂාන්තික ජයවීර ලකුණු 22 කට කඩුලූ 4 ක් දවා ගනිමින් ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.


අයහපත් ආලෝක තත්වය හේතුවෙන් දිනය නිමාවන විට තම පළමු ඉනිමට ශාන්ත තෝමස් විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 23 ක් ලබා සිටියේය.

 

නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය පළමු ඉනිම -  ඕවර 56.5 කදී සියලූ දෙනා දැවී 107
(නුරාජ් ප‍්‍රසංග 29, හන්සක කවීෂ් 21, ගිෂාන්තික ජයවීර 22/4, හෂීන් දිල්මාන් 27/2)

 

මාතර ශාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම -  ඕවර 3.1 කදී කඩුල්ලක් දැවී 23

 


අදහස් (0)

ශා.ජෝන් ලකුණු 107 ට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.