(ෂේන් සෙනෙවිරත්න)
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ශාන්ත සිල්වෙස්තර - විද්‍යාර්ථ මහා ක්‍රිකට් තරඟයේ පළමු දිනය වූ අද (29) පළමුවෙන් පන්දුවට පහර දුන් විද්‍යාර්ථ විදුහල සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 124 කි. ඊට පිළිතුරු ලෙස දිනය නිමා වන විට ශාන්ත සිල්වෙස්තර විදුහල කඩුලු 6 ක් දැවී ලකුණු 227 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය .
සිල්වෙස්තර විදුහල වෙනුවෙන් චණ්ඩුප වඩුගේ (57) සහ යෝෂිත ඉසුරංග (76) අර්ධ ශතක වාර්තා කළේය .
විද්‍යාර්ථ විදුහල - පළමු ඉනිම සියලු දෙනා දැවී 124 යි
(සහන් දිල්හාර 17, පුබුදු තාරක17, චමල්ක බණ්ඩාර 23, කනිෂ්ක මෝෂස් 23, ෂෙහාන් නන්දතිස්ස 17, ධනූප කොඩිකාර 10, ඉසුරු ගුණසේකර 37/5 , නිමේෂ සිල්වා 21/5)
ශාන්ත සිල්වෙස්තර විදුහල - පළමු ඉනිම කඩුලු 6 ට 227
(වාගිශ රත්නායක 17, චණ්ඩුප වඩුගේ 57, අනූෂ මෙන්ඩිස් 34, යෝෂිත ඉසුරංග 76, ඩියෝන් ප්‍රනාන්දු 23, ෂාලුක රඹුක්පිටිය 29/2, ධනුප කොඩිකාර)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.