Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (13 වැනිදා) පානදුර පැවැති තරගයකදී පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 10 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 313 ක ඉලක්කයක් හඹාගිය පානදුර ක්‍රීඩකයන්ට ඕවර 41.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 302 ක් පමණි. පානදුර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ප්‍රවේකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු විෂේන් හැළඹගේ පන්දු 25 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 67 ක් රැස්කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඒස් කැපිටල් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 312 ක් ලබාගත් අතර එහිදී අගනා පිතිහරඹයක නිරත වෙමින් ඒස් කැපිටල් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි රනේෂ් සිල්වා පන්දු 92 කින් නොදැවී ලකුණු 121 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි.
ඒස් කැපිටල් පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 312
(තනූජ රාජපක්ෂ 40, නිමේෂ ගුණසිංහ 20, රනේෂ් සිල්වා නොදැවී 121, තීරක රණතුංග 35, දනාල් හේමානන්ද 19, විනුෂ්ක සිල්වා නොදැවී 32, දුෂාන් හේමන්ත 65/4, කමලනාතන් දිනේෂ්කුමාර් 78/2)
පානදුර පිල - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 302
(ඕෂධ ප්‍රනාන්දු 18, විෂේන් හැළඹගේ 67, කාංචන ද ලිවේරා 30, සසිඳු මල්ෂාන් 21, දුෂාන් හේමන්ත 47, නිලස තාරක 37, නිමේෂ් විමුක්ති 38, මලින්ත සිල්වා 25, දනාල් හේමානන්ද 40/2, රවීන් ද සිල්වා 40/2, ටේරවීන් මැතිව් 60/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.