මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ තරගයකදී ඩි.එස්. සේනානයක විද්‍යාලය පරදවා කඩුලූ 3 කින් ජය ගැනීමට යාපනය පාසල් ඒකාබද්ධ කණ්ඩායම අද (7 වැනිදා) සමත්විය. මෙම තරගය යාපනය ශා. පැට්‍රික් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
මුලින් පන්දුවට පහරදුන් ඩි.එස්. සේනානයක විද්‍යාලයට ලබා ගත හැකිවූයේ ලකුණු 121 ක් පමණි.
ලකුණු 122 ක ඉලක්කයක් හඹාගිය යාපනය පාසල් ඒකාබද්ධ කණ්ඩායම ඕවර 20 අවසාවයේදී කඩුලූ 7 ක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.
ඩි.එස්. සේනානයක විද්‍යාලය - ඕවර 18.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 121
(විහන් ගුණසේකර 26, තිමිල විද්‍යාසේකර 21, එස්. පිරදීපන් 22/3, කේ. කැතියන් 13/2)
යාපනය පාසල් ඒකාබද්ධ කණ්ඩායම - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 122
(එස්. කාර්තීපන් 23, කේ. සජන්තන් 22, එස්. කජනාත් 22, පී. නිරෝෂන් 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.