
(ශානුක අරවින්ද)
අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ නාවික හමුදාවට එරෙහිව අද (28 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 12 කට කඩුලු 6 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ මිලාන් රත්නායක සමත් විය.
නිලකුණු ඕවරයක්ද සමග සිය ඕවර 4 ලකුණු 12 කට සීමා කළ දකුණිත් මඳ වේග පන්දු යවන ක්‍රීඩක මිලාන්ගේ දස්කම් හේතුවෙන් එම තරගයෙන් 7 ක ජයක් වාර්තා කිරීමටද මුවර්ස් ක්‍රීඩා සමාජයට හැකිවිය.
අද පැවැති සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට ගුවන් හමුදාව, ඒස් කැපිටල්, බ්ලූම්ෆීල්ඩ්, කුරුණෑගල යූත් සහ සැරසන්ස් යන ක්‍රීඩා සමාජය සමත් වූහ.
මුවර්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 7 ක ජයක්
නාවික හමුදාව - ඕවර 20 කදී සියලු දෙනා දැවී 81
(ළහිරු ජයකොඩි 36, අමිත් එරන්ද 27, මිලාන් රත්නායක 12/6, චතුරංග ද සිල්වා 21/2)
මුවර්ස් ක්‍රීඩා සමාජය - ඕවර 14.2 කදී කඩුලු 3 කට 82
(පබසර වඩුගේ 15, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 27, මොහොමඩ් ශමාස් නොදැවී 21)
ගුවන් හමුදාවට කඩුලු 4 ක ජයක්
බදුරලිය ක්‍රීඩා සමාජය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 99
(දුනිත් ජයතුංග 29, මොහොමඩ් අස්ලම් 26, නදීර ඉෂාන් 09/2, ලසඳ රුක්මාල් 20/2)
ගුවන් හමුදාව - ඕවර 17 කදී කඩුලු 6 ක් දැවී 103
(කළණ විජේසිරි 37, සිතිජ චමෝද් නොදැවී 22, ලක්මාල් ද සිල්වා 20/2)
ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයට ලකුණු 9 ක ජයක්
ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය - ඕවර 18 කදී කඩුලු 5 ක් දැවී 141
(තනුක දාබරේ 53, ෂෙහාන් ප්‍රනාන්දු 30, හර්ෂ කුරේ නොදැවී 23, අමිත් දාබරේ 15, දසුන් ශානක 30/2)
එස්.එස්.සී ක්‍රීඩා සමාජය - ඕවර 18 කදී කඩුලු 9 ක් දැවී 132
(ධනුෂ්ක ගුණතිලක 19, දසුන් ශානක 16, ෂෙවොන් ඩැනියෙල් 53, චානක දේවින්ද 22/2, ශාලක බණ්ඩාර 35/2)
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට කඩුලු 5 ක ජයක් (ඩක්වත් ලුවිස්)
ගාල්ල ක්‍රිකට් සමාජය - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 82
(තරිඳු අමරසිංහ 28, චානක කොමසාරු 10/3, මාලින්ද පෙරේරා 12/2, මාධව වර්ණපුර 15/2)
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය - ඕවර 14 කදී කඩුලු 5 ක් දැවී 60
(රමේෂ් නිමන්ත 25, චතුර ලක්ෂාන් 10/2, සඳුන් මධුෂංක 10/2)
කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජයට ලකුණු 6 ක ජයක් (ඩක්වත් ලුවිස්)
කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය - ඕවර 18 කදී සියලු දෙනා දැවී 110
(ගයාන් මනීෂන් 29, කේෂාන් වන්නිආරච්චි 21, අසිත වන්නිනායක 22, ඉෂංක සිරිවර්ධන 11/3, දිල්ෂාන් මෙන්ඩිස් 17/2, ජනිඳු ඉඳුවර 26/2)
කළුතර ටවුන් ක්‍රීඩා සමාජය - ඕවර 17 කදී කඩුලු 7 ක් දැවී 97
(අමර්ටියා කෞල් 46, තරිඳු සිරිවර්ධන 19, ධනුෂ්ක ධර්මසිරි 05/4)
සැරසන්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 3 ක ජයක් (ඩක්වත් ලුවිස්)
ලංකන් ක්‍රීඩා සමාජය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 100
(රජීව වීරසිංහ නොදැවී 17, යෙසිත් රූපසිංහ 30, මල්ෂ තරුපති 15/2, ප්‍රවීන් සඳමාල් 19/2, )
සැරසන්ස් ක්‍රීඩා සමාජය - ඕවර 16 කදී කඩුලු 7 ක් දැවී 88
(සිතාර ගිම්හාන 20, නවිඳු විතානගේ නොදැවී 41, රවීව වීරසිංහ 12/2, මිරංග වික්‍රමසිංහගේ 14/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.