මුරලි සාම කුසලාන විඃ20 ක්‍රිකට් තරගාවලියේ කාන්තා තරගයකදී බදුල්ල කාන්තා කණ්ඩායම පරදවා කඩුලූ 6 කින් ජය ගැනීමට බාලිකා පාසල් ඒකාබද්ධ කණ්ඩායම ඊයේ (8 වැනිදා) සමත්විය. මෙම තරගය මාන්කුළම් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් බදුල්ල කාන්තා කණ්ඩායම ලකුණු 72 කට සීමා කිරීමට බාලිකා පාසල් ඒකාබද්ධ කණ්ඩායම සමත්විය.
ලකුණු 73 ක ඉලක්කයක් හඹාගිය බාලිකා පාසල් ඒකාබද්ධ කණ්ඩායම ඕවර 10.5 කදී කඩුලූ 4 ක් දැවී තම ඉලක්කය පසු කර යෑමට සමත්විය.
කාන්තා තරග ඕවර 15 කට සීමා විය.
බදුල්ල කාන්තා කණ්ඩායම - ඕවර 15 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 72
(දිනුක්ෂි ගයනි 23, ජනදි අනාලී 8/2, හර්ෂිතා මාධවී 15/2)
බාලිකා පාසල් ඒකාබද්ධ කණ්ඩායම - ඕවර 10.5 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 73
(ජනදි අනාලී නොදැවී 21, හර්ෂිතා මාධවී නොදැවී 20)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.