Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පී.ද.එස් කුළරත්න විද්‍යාලයට ලකුණු 19 ක ජයක්

පී.ද.එස් කුළරත්න විද්‍යාලයට ලකුණු 19 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ තරගයකදී මන්නාරම - වව්නියා පාසල් ඒකාබද්ධ කණ්ඩායම පරදවා ලකුණු 19 කින් ජය ගැනීමට අම්බලන්ගොඩ පී.ද.එස් කුළරත්න විද්‍යාලය අද (8 වැනිදා) සමත්විය. මෙම තරගය ඔඞ්ඩුසුඩාන් මධ්‍ය මහා විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විය.


කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් අම්බලන්ගොඩ පී.ද.එස් කුළරත්න විද්‍යාලය ලකුණු 139 කට දවා ගැනීමට මන්නාරම - වව්නියා පාසල් ඒකාබද්ධ කණ්ඩායම සමත්විය. 


වේගවත් පිතිහරඹයක නිරතවූ ප‍්‍රභාත් සමීර පන්දු 35 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 72 ක් ලබා ගත්තේය.


ලකුණු 140 ක ඉලක්කයක් හඹා ගිය මන්නාරම - වව්නියා පාසල් ඒකාබද්ධ කණ්ඩායමට ලබා ගතහැකි වූයේ ලකුණු 120 ක් පමණකි.

 

අම්බලන්ගොඩ පී.ද.එස් කුළරත්න විද්‍යාලය -  ඕවර 16 කදී සියලූ දෙනා දැවී ලකුණු 139
(ප‍්‍රභාත් සමීර 72, සචිත් හිරාන් 21, ආර්.දෙස්මිකාන්ත් 12/3, එස්. රුෂාන්තන් 35/3, එන්. සයුරන් 23/2)

මන්නාරම - වව්නියා පාසල් ඒකාබද්ධ කණ්ඩායම -  ඕවර 18.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 120
(ඊ. ගනේස්වරන් 30, සේකරන් භානුසන් 21, නිම්න සාරංග 16/3, ප‍්‍රභාත් සමීර 22/3, භානුක පමුදිත 32/2)


අදහස් (0)

පී.ද.එස් කුළරත්න විද්‍යාලයට ලකුණු 19 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.