Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාසල් 24 කට තණතීරු ආවරණ

පාසල් 24 කට තණතීරු ආවරණ

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි සහ II වැනි කොටසේ කී‍්‍රඩා කරන පාසල් 24 කට තණතීරු ආවරණ ප‍්‍රදානය කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙම පාසල් 24 ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් තෝරා ගනු ලැබ ඇත.

මෙම තණතීරු ආවරණ ප‍්‍රදානය කිරිමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති සිදත් වෙත්මුණි, ප‍්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා සහ පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

එහිදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති සිදත් වෙත්මුණි මහතා පැවසුවේ තණතීරු ආවරණ නොමැතිවීම නිසා වර්ෂාව හේතුවෙන් පසුගිය කාලයේ වයස 19 න් පහළ තරග රැසක් අතහැර දැමීමට සිදුවූ බවත් ඒ පිළිබදව අවධානය යොමු කිරීම විශේෂ කටයුත්තක් සේ සළකා තණතීරු ආවරණ ලබාදීමට කටයුතු කළ බවත්ය.

 


තණතීරු ආවරණ හිමිවූ පාසල්:

කොළඹ ආනන්ද විදුහල, කොළඹ නාලන්දා විදුහල, කොළඹ රාජකීය විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, තර්ස්ටන් විදුහල, මරදාන සහිරා විදුහල, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල, මොරටුව වේල්ස් කුමර විදුහල, වෙස්ලි විදුහල, කොළඹ ඞී. එස්. සේනානයක විදුහල, පන්නිපිටිය ධර්මපාල විදුහල, කඳාන ද මැසිනොද් විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, ගාල්ල මහින්ද විදුහල, මහනුවර ත‍්‍රිත්ව විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, කුරුණෑගල මලියදේව විදුහල, යාපනය ශාන්ත පැටි‍්‍රක් විදුහල, මොරටු මහ විදුහල, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල, කොළඹ ශාන්ත පීතර විදුහල, කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

- 048

 


අදහස් (0)

පාසල් 24 කට තණතීරු ආවරණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.