ක‍්‍රිකට් තරග වලදී පරිගණක මෘදුකාංගයකින් ලකුණු සටහන් කිරීමේ පුහුණු පාඨමාලාවක් ලබන ජූලි මස 1 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කොළඹ ජාතික ක‍්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්වේ.
අන්තර්ජාතික ක‍්‍රිකට් තරගවලදී ලකුණු සටහන් කිරීමේ පළපුරුද්ද ඇති ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම ලකුණු සටහන්කරුවකු වන තුෂාර කුරේ මහතා විසින් මෙහෙයවනු මෙම පාඨමාලාවට වයස 20 ට වැඩි පිරිමි සහ කාන්තාවන්ට සහභාගි විය හැකිය.
ක‍්‍රිකට් ක‍්‍රීඩාව පිළිබඳව මනා දැනුමක් ඇති, ලැප්ටොප් පරිගණයක් හිමි පුද්ගලයන්ට මේ සඳහා අයැදුම් කළ හැකිය.
අයැදුම්පත් මේ මස 20 වැනිදා පෙර සජීවී ලකුණු සටහන් කිරීම’ නො. 67, විහාර මාවත, බෙල්ලන්විල, බොරලැස්ගමුව යන ලිපිනයට යොමු කළ යුතුය. වැඩි විස්තර 0715211245 හෝ 0773494735 යන දුරකථවලින් හෝ livescorers@yahoo.com යන ඊමේල් ලිපිනයෙන් ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.