Last Update  :  2025-07-14 11:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ එන්.සී.සී. පිල දිනවති
අන්තර් සමාජ ක්‍රිකට්

පන්දු යවන්නෝ එන්.සී.සී. පිල දිනවති

editorial - 2025 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (13 වැනිදා) කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 46 ක ජයක් වාර්තා කිරීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 239 ක ඉලක්කයක් හඹාගිය මේරියන්ස් ක්‍රීඩකයන්ට ඕවර 46.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 192 ක් පමණි. හුදෙකලා පිතිහරඹයක නිරත වූ සකුණ ලියනගේ පන්දු 87 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 68 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.සී.සී. කණ්ඩායම ඕවර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 238 ක් ලබාගත් අතර එන්.සී.සී. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු කවින් බණ්ඩාර පන්දු 53 කින් ලකුණු 45 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි. ජීවක සෂීන් (36) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කවින් සමත් විය. 


එන්.සී.සී. පිල - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 238  
(ජීවක සෂීන් 36, කවින් බණ්ඩාර 45, අහන් වික්‍රමසිංහ 22, රමිරු පෙරේරා 41, අෂීන් ඩැනියෙල් 32, ඉරුෂ්ක තිමිර 24/4, මෙලන් හසංක 39/2, සිතුම් දිසානායක 50/2) 

හලාවත මේරියන්ස් පිල - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 192 
(තරිඳු අමරසිංහ 16, සම්මු අශාන් 26, සකුණ ලියනගේ 68, නිම්සර අතරගල්ල 21, ඉරුෂ්ක තිමිර 17, ලසිත් ඇඹුල්දෙණිය 53/3, සහන් ආරච්චිගේ 22/2)  


අදහස් (0)

පන්දු යවන්නෝ එන්.සී.සී. පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.