Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මරාජට පළමු ඉනිමේ ජයක්

ධර්මරාජට පළමු ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර තරගය ජය පරාජයෙන් තොරව මහනුවර ධර්මරාජ විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී ඊයේ (26 වැනිදා) අවසන්විය.


කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ධර්මපාල විද්‍යාලය පළමු ඉනිමේදී ලකුණු 158 කට දැවී ගිය  අතර ඉමාෂ ලියනගේ (98) අර්ධ ශතකයක් ලබා ගත්තේය.


ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 220 ක් රැුස්කරගත් අතර රුචිර පුපුලේවත්ත (74) අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්විය.


දෙවන ඉනිම ආරම්භ කරනවිට ලකුණු 62 ක් පිටුපසින් සිටි ධර්මපාල විද්‍යාලය දිනය අවසන්වන විට ලකුණු 35 කට කඩුලූ 7 ක් දවී ඉතා අසීරු තත්වයක පසුවිය.


දක්ෂ පන්දු යැවීමක නිරතවූ වෙනුක ගලහිටියාව ලකුණු 37 කට කඩුලූ 9 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්විය.

 

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම -  ඕවර 42.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 158
(ඉමාෂ ලියනගේ 98, වෙනුක ගලහිටියාව 30/5)

මහනුවර ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම -  ඕවර 73.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 220
(රුචිර පුපුලේවත්ත 74, මහීම වීරකෝන් 42/4, පවන් පිරීස් 51/3)

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය දෙවන ඉනිම -  ඕවර 25.2 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 35
(වෙනුක ගලහිටියාව 07/4, අස්මිත රාජපක්ෂ 06/2)

 


අදහස් (0)

ධර්මරාජට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.