මුරලි සාම කුසලාන විඃ20 ක්‍රිකට් තරගාවලියේ තරගයකදී ති‍්‍රකුණාමලය - මඩකලපුව පාසල් ඒකාබද්ධ කණ්ඩායම පරදවා කඩුලූ 8 කින් ජය ගැනීමට හම්බන්තොට දෙබරවැව විද්‍යාලය අද (7 වැනිදා) සමත්විය. මෙම තරගය යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
මුලින් පන්දුවට පහරදුන් ති‍්‍රකුණාමලය - මඩකලපුව පාසල් ඒකාබද්ධ කණ්ඩායම ලකුණු 62 කට දවා ගැනීමට දෙබරවැව විද්‍යාලය සමත්වූයේය.
ලකුණු 63 ක ඉලක්කයක් හඹාගිය දෙබරවැව විද්‍යාලය කඩුලූ 2 ක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්වූයේය.
ති‍්‍රකුණාමලය - මඩකලපුව පාසල් ඒකාබද්ධ කණ්ඩායම - ඕවර 13.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 62
(තමිදු සචින්ත 26/4, සහන් චාමික 7/3)
හම්බන්තොට දෙබරවැව විද්‍යාලය - ඕවර 11.1 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 64
(ඉෂාර චතුරංග නොදැවී 26)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.