Last Update  :  2025-07-14 11:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ද්‍රවිඩ සංගම් පිලට ලකුණු 75 ක ජයක්
අන්තර් සමාජ ක්‍රිකට්

ද්‍රවිඩ සංගම් පිලට ලකුණු 75 ක ජයක්

editorial - 2025 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (13 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 75 ක ජයක් වාර්තා කිරීමට ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 210 ක ඉලක්කයක් හඹාගිය බදුරලිය ක්‍රීඩකයන්ට ඕවර 48.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි. බදුරලිය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඩිල්ෂාන් ද සොයිසා පන්දු 75 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 46 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ තීසාන් විතුෂාන් නිලකුණු ඕවරයක්ද යවමින් සිය ඕවර 10 ලකුණු 28 කට සීමා කළේ කඩුලු 3 ක් බිඳහෙළමිනි. බදුරලිය පිතිකරුවන් අසරණ කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් සචිත ජයතිලක ලකුණු 22 කට කඩුලු 2 ක්ද, විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 25 කට කඩුලු 2 ක්ද දවාගත්හ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ද්‍රවිඩ සංගම් කණ්ඩායම ඕවර 48.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 209 ක් ලබාගත් අතර එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ශාරුජන් ශන්මුගනාදන් පන්දු 75 කින් ලකුණු 53 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. ආරම්භක පිතිකරු ඉසිවර දිසානායක පන්දු 73 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 41 ක් රැස්කළේය.

 
ද්‍රවිඩ සංගම් පිල - ඕවර 48.5 කදී සියලු දෙනා දැවී 209   
(ඉසිවර දිසානායක 41, මිනෝද් භානුක 36, ශාරුජන් ශන්මුගනාදන් 53, ළහිරු සමරකෝන් 20, කවිඳු නිර්මාන 20, සෙනාල් ද සිල්වා 39/3, රුචිර කෝෂිත 28/2, කේෂර නුවන්ත 38/2)
 
බදුරලිය පිල - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 134 
(අලංකාර අසංක 15, ඩිල්ෂාන් ද සොයිසා 46, මානස මධුභාෂණ 31, තීසාන් විතුෂාන් 28/3, සචිත ජයතිලක 22/2, විජයකාන්ත් වියස්කාන්ත් 25/2) 


අදහස් (0)

ද්‍රවිඩ සංගම් පිලට ලකුණු 75 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.