Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී ඞී.එස්.සේනානායක විද්‍යාලයට එරෙහිව ඉනිමකින් සහ ලකුණු 36 කින් ජය ලබා ගැනීමට මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය සමත්විය. ත‍්‍රිත්ව විද්‍යාලය මෙම තරගාවලියේදී තරග 5 කට සහභාගිවී ලබා ගත් සිව්වන ජයග‍්‍රහණය මෙය වෙයි. මෙම තරගය මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී ඊයේ (26 වැනිදා) අවසන්විය.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ත‍්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිමට කඩුලූ 6 ක් දැවී ලකුණු 301 ක් රැුස් කර ඉනිම අත්හිටවූ අතර ඩිලාන් ජයලත් (97), ෂන්මුගනාදන් සනෝගීත් (69) සහ හසිත බෝයගොඩ (51) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ.
ඞී.එස්.සේනානායක විද්‍යාලයට පළමු ඉනිමට ලබා ගත හැකිවූයේ ලකුණු 121 ක් පමණි. පිට පිට සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කිරීම සදහා පිටියට පිවිසි ඞී.එස්.සේනානායක ක‍්‍රීඩකයින්ට ඉනිමක පරාජයෙන් බේරීම සදහා ලකුණු 180 ක් අවශ්‍යවූ අතර ඔවුන්ට දෙවන ඉනිමට ලබා ගතහැකිවූයේ ලකුණු 144 ක් පමණි.
ඞී.එස්.සේනානායක විද්‍යාලය වෙනුවෙන් ශේෂාඞ් අමීන් (63) අර්ධ ශතකයක් රැුස් කරගත් අතර ත‍්‍රිත්ව විද්‍යාලයේ තිසර දිල්ශාන් ලකුණු 77 කට කඩුලූ 7 ක් දවා ගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දක්වන්නට සමත්විය.
මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම - ඕවර 59 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 301
(ඩිලාන් ජයලත් 97, ෂන්මුගනාදන් සනෝගීත් 69, හසිත බෝයගොඩ 51, අංජන ද සිල්වා 40/4, රවීන් ප‍්‍රභාෂ්වර 50/2)
ඞී.එස්.සේනානායක විද්‍යාලය පළමු ඉනිම - ඕවර 35.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 121
(ජී.එන්.විද්‍යාසේකර 36, තිසර දිල්ශාන් 44/5, ළහිරු කුමාර 20/3)
ඞී.එස්.සේනානායක විද්‍යාලය දෙවන ඉනිම - ඕවර 40.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 144
(ශේෂාඞ් අමීන් 63, රවීන් සේයර 17/2, ළහිරු කුමාර 25/2, තිසර දිල්ශාන් 33/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.