Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කඳාන ද මැසිනොද් විද්‍යාලයට එරෙහිව කඩුලූ 8 ක ජයක් ලබා ගැනීමට ත‍්‍රිත්ව විද්‍යාලය සමත්විය. ත‍්‍රිත්ව විද්‍යාලය මෙම තරගාවලියේදී තරග 4 කට සහභාගිවී ලබා ගත් තෙවන ජයග‍්‍රහණය මෙය වෙයි. මෙම තරගය කඳාන ද මැසිනොද් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී 22 වැනිදා අවසන්විය.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ත‍්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 288 ක් රැුස් කළ අතර නුෂාන් වීරසිංහ ශතකයක් (110) සහ ශවිදු අමරසිංහ අර්ධ ශතකයක් (51) ලබා අතර ආකාෂ් සේනාරත්න ලකුණු 87 කට කඩුලූ 5 ක් දවා ගැනීමට සමත්වූහ.
කඳාන ද මැසිනොද් විද්‍යාලයට පළමු ඉනිමට ලබා ගත හැකිවූයේ ලකුණු 118 ක් පමණි. පිට පිට සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කිරීම සදහා පිටියට පිවිසි මැසිනොද් ක‍්‍රීඩකයින්ට ඉනිමක පරාජයෙන් බේරීම සදහා ලකුණු 170 ක් අවශ්‍යවූ අතර මැසිනොද් විද්‍යාලයට දෙවන ඉනිමට ලබා ගතහැකිවූයේ ලකුණු 211 ක් පමණි.
ජයග‍්‍රහණය සදහා මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයට ලකුණු 42 ක ඉලක්කයක් ලැබුනු අතර ඔව්හූ ඕවර 6.1 කදී කඩුලූ 2 ක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්වූහ.
මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම - ඕවර 65.1 කදී සියලූ දෙනා දැවී 288
(නුෂාන් වීරසිංහ 110, ශවිදු අමරසිංහ 51, ආකාෂ් සේනාරත්න 87/5)
කඳාන ද මැසිනොද් විද්‍යාලය පළමු ඉනිම - ඕවර 28.5 කදී සියලූ දෙනා දැවී 118
(ක‍්‍රිෂාන් සංජුල 31, ආකාෂ් සේනාරත්න 27, රවීන් සේයර් 35/4, ළහිරු කුමාර 46/4)
කඳාන ද මැසිනොද් විද්‍යාලය දෙවන ඉනිම - ඕවර 56.5 කදී සියලූ දෙනා දැවී 211
(ආකාෂ් සේනාරත්න 43, ශානුක ප‍්‍රනාන්දු 40, නුෂාන් වීරසිංහ 26/3, රවීන් සේයර් 54/2)
මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය දෙවන ඉනිම - ඕවර 6.1 කදී කඩුලූ 2 ක් දැවී 42
(ඩිලාන් ජයලත් නොදැවී 34)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.