Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චාමර - ප‍්‍රසන්න යුනිචෙලා පිලට ජය ගෙනෙති

චාමර - ප‍්‍රසන්න යුනිචෙලා පිලට ජය ගෙනෙති

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළද සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී සම්පත් බැංකු පිල පරදවා කඩුලූ 7 කින් ජයගැනීමට මාස් යුනිචෙලා පිල ඊයේ (03) සමත්විය. තරගය සී.සී.සී.  ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

කාසියේ වාසිය දිනූ මාස් යුනිචෙලා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට සම්පත් බැංකු කණ්ඩායමට ආරාධනා කළේය.  ඕවර 49.5 දී ලකුණු 272 කට සියලූ දෙනාම දැවී ගිය අතර පන්දු 88 කදී හතරේ පහර 9 ක් සහ එක් හයේ පහර ක් සමගින් ලකුණු 90 ක් ලබා ගැනීමට සමීන් කඳනආරච්චි සමත් විය.

ලකුණු 273 ක ඉලක්කයක් හඹා ගිය මාස් යුනිචෙලා කණ්ඩායම  ඕවර 43.3 කදී කඩුලූ 3 ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. 4 වන කඩුල්ල සදහා ලකුණු 182 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට චාමර සිල්වා සහ ප‍්‍රසන්න ජයවර්ධන සමත්වු අතර පන්දු 110 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 112 ක් ලබා ගැනීමට චාමර සිල්වා සමත්විය. ප‍්‍රසන්න ජයවර්ධනද අර්ධ ශතකයක් ලබා ගනිමින් පිත්තෙන් දසිකම් දැක්වීය.

සම්පත් බැංකුව  ඕවර 49.5 කදී සියලූ දෙනාම දැවී 272
(සමීන් කඳනආරච්චි 90, දසුන් ශානක 48, ජීවන් මෙන්ඩිස් 31, ඩිල්රුවන් පෙරේරා 48/2, ෆර්වීස් මහරූෆ් 51/2)

මාස් යුනිචෙලා  ඕවර 43.3 කදී කඩුලූ 3 ක් දැවී 273
(චාමර සිල්වා නොදැවී 112, ප‍්‍රසන්න ජයවර්ධන නොදැවී 53, තිලකරත්න ඩිල්ශාන් 53, මාලිංග සුරප්පුලිගේ 48/2)


අදහස් (0)

චාමර - ප‍්‍රසන්න යුනිචෙලා පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.