Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඞී. ආර්. විජයවර්ධන ශූරතාව හෝකන්දර ‘බී’ පිලට

ඞී. ආර්. විජයවර්ධන ශූරතාව හෝකන්දර ‘බී’ පිලට

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඞී. ආර්. විජයවර්ධන අනුස්මරණ කුසලාන’ සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලියේදී කුසලාන ශූරතාව දිනාගැනීමට හෝකන්දර ‘බී’ කණ්ඩායම සමත්විය. කොළඹ මුවර්ස් කී‍්‍රඩාංගණයේ පැවැති කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී දැන්වීම් අංශ ‘බී’ කණ්ඩායම කඩුලූ 6 කින් පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 96 ක ඉලක්කයක් හඹාගිය හෝකන්දර ‘බී’ කණ්ඩායම  ඕවර 8 ක් අවසානයේ කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී නොදැවී ලකුණු 49 ක් රැස්කළ හෝකන්දර ‘බී’ කණ්ඩායමේ මහේෂ් දර්ශන අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙස සම්මාන දිනාගත්තේය.

දැන්වීම් අංශ ‘බී’ කණ්ඩායමේ අකිල දිල්හාර තරගාවලියේ වීරයා ලෙසත්, ධනුෂ්ක හේවාවිතාරණ දක්ෂතම පන්දුයවන්නා ලෙසත් සම්මාන දිනාගත්හ.

පළග අවසන් මහ තරගයේදී ලකුණු 54 කින් විදුලි අංශ කණ්ඩායම පරාජය කළ ‘අද’ පුවත්පත් කර්තෘ මණ්ඩල කණ්ඩායම තරගාවලියේ පළඟ ශූරතාව දිනාගත්තේය. ලකුණු 70 කින් ‘දේශය’ පුවත්පත් කර්තෘ මණ්ඩල කණ්ඩායම පරාජය කළ හෝකන්දර ‘ඒ’ කණ්ඩායම තරගාවලියේ බඳුන ශූරතාව දිනාගත්තේය.  

ෆැෂන් බග් ආයතනය, ස්ටොක් ලංකා පුද්ගලික සමාගම, ඞී. එෆ්. සී. සී. බැංකුව, කොමාර්ෂල් බැංකුව, ලංකා බැංකුව, එන්. ඞී. බී. බැංකුව, සම්පත් බැංකුව, ගේ‍්‍රට් ලෙන්ත් පුද්ගලික සමාගම, ප‍්‍රාණ ජීව හෙල ඔසුව මෙම තරගාවලියේ අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කළේය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


කුසලාන ශූරතා අවසන් මහ තරගය

දැන්වීම් අංශ ‘බී’ කණ්ඩායම - ඕවර 10 කදී කඩුලූ 5 ට 96
(දර්ශන ද සිල්වා 33, කේ. ලසිත් 22, අඛිල දිල්හාර 12, සී. රන්ජන් 13/2)

හෝකන්දර ‘බී’ කණ්ඩායම - ඕවර 8 කදී කඩුලූ 4 ට 99
(මහේෂ් දර්ශන නොදැවී 49, ආර්. ප‍්‍රසන්න නොදැවී 18, වසන්ත 14)


පළග ශූරතා අවසන් මහ තරගය

අද කර්තෘ මණ්ඩල කණ්ඩායම - ඕවර 10 කදී කඩුලූ 7 කට 124
(ශානක මහේෂ් 36, කාංචන දසනායක 35, සඳුන් ගමගේ නොදැවී 31, මිහිර බණ්ඩාර 10, කේ. ජී. සම්පත් 26/2)

විදුලි කාර්මික අංශය - සියලූ දෙනා දැවී 70
(නිලංකා පෙරේරා 19, උපුල් කුමාර 19, අමිල ප‍්‍රසාද් 13, සමිත් බෝධිපක්‍ෂ 19/4)

 


- 036

 


අදහස් (0)

ඞී. ආර්. විජයවර්ධන ශූරතාව හෝකන්දර ‘බී’ පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.